(ඉන්දිකා රාමනායක)
අයිස් , හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
පොලිස් ස්ථාන වල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවද හෙතෙම පැවසීය.
අයස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හි වු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ලංකාදීපය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන්ද ඔවුන් නෙරපා හැරීමට බවද හෙතෙම පැවසීය.
පොලිසිය තුළ මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇත්තේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පමණක් බවත්, ආධුනික උප පොලිස් පරීක්ෂකවරුක් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත් පිරිස අතර සිටි බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ නිලධාරීන් හසුවන්නේ බස්නාහිර පළාත තුළ බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මේ අතර යුද හමුදාව තුළ ද අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හැහිවුවන් වැඩි වශයෙන් සිටින බවට වාර්තා වී ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.
ඇතැම් සෙබළුන් මෙන්ම යුද හමුදා නිලධාරීන් ද අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින බව එම ආරංචි මාර්ග පවසයි.
පසුගිය දිගක අයිස් පානය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු හා යුද හමුදා පොලිස් හේවා බලකායේ සෙබළකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මතට ඇබ්බැහි වුණු බුද්ධි නිලධාරීන් නැති බව හොඳටම විශ්වාසද?
මෙරට ධාවනය වන සියලුම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සතියක් ඇතුලත මේ ආකාරයට වයිද්ය පරීක්ෂණයකට ලක් කරන්න .ලංගම ඇතුළුව
සුරා පානයට ඇබ්බැහි වුනු පොලිස් නිලධාරීන් ගැනත් හොයලා බැලුවොත් නරකද ?
මත්ද්‍රවය ජාවාරමි කරනා නිලදාරින් ගැනත් හොයන්න