
(නිමල කොඩිතුවක්කු)
මතුගම ප්‍රාදේශීය සභාවට තේරු පත් වූ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහාය පළ කළහ.
නාරවිල සමිතවංශ හිමි සහ ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා, චමිලානි රුවන්දිකා යන පිරි එසේ සජබයට එක් වූහ.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද(25) හමුවී ඔවුන් මෙලෙස සහයෝගය පළ තර ඇත.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමට වැඩක් කරන්නද? නැත්නම් තමන්ට වැඩක් කරගන්නද? ඔය හදන්නේ...
අපේ ගමේ සජබේ මන්ත්‍රීලා ටිකත් ස්වාධීන වෙන්න යනවා, ඒ කියන්නේ සජිත්ට සමුපකාර සභාපතිකම විතරයි ඉතුරු...
අපෝ මාලිමාවට හේත්තු වෙන අය විතරමයි සුද්දවන්තයෝ. අනිත් උන් ඩීල් කාරයෝ. එහෙම නේද AKD...
මේ කට්ටිය හිරේ යන්නද හදන්නේ... රජයේ ඇමැතිවරයෙක් කීවා ඔහොම ඔට්ටු නෑ කියලා. එකතු වුනොත් සල්ලිවලට ගියොත් හිරේ දානවා කියලා කිව්වා. ඕං අපි දන්නේ නෑ...