(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බහුදින යාත්‍රා උපයෝගී කරගෙන දකුණු මුහුදු තීරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදු කළ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු තංගල්ල තෙලිකඩ ප්‍රදේශයේදී ගිනි අවියක් ,මැගසින් දෙකක් රුපියල් කෝටියකට අධික මුදල් ඇතුළු රන් ආභරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර බහුදින ධීවර යාත්‍රා වේ නියමුවා වශයෙන් කටයුතු කරන පුද්ගලයා ද වන බව පොලිසිය කියයි

සැකකරුවන් දෙදෙනා සන්තකේ තිබී රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට අධික මුදලක් ,ග්‍රෑම් 377ක බරින් යුත් රන් ආභරණ, හොරෙයින් මත්කුඩු ග්‍රෑම් දහයක්,ජංගම දුරකථනයක් තුනක් ,විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා මැගසින් දෙකක්,සැටලයිට් වර්ගයේ දුරකතනයක් පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ආධාර අනුබලදීම යටතේ ගෝනාපිනුවල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 60 හැවිරිදි පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි

අනෙක් සැකකර සිනිමොඩර පුද්ගලයෙකි පදිංචි පුද්ගලයෙකි