IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මැති ඇමැතීන්ට ’’රට සවාරි’’ තහනම්

(සුජිත් හේවාජුලිගේ )

අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන්  සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  දැනුම්දී ඇත.

විදේශයන්ට ගොස් සිටි  මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු  මේ දැනුම් දීමත් සමග හදිසියේම මෙරටට  පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට  ඇත.

මතුවී ඇති දේශපාලන අර්බුදය සමග විවිධ සාකච්ඡා නිරන්තරව සිදුවන තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන් ඒවාට සක්‍රීයව දායක කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම දැනුම් දීම කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින දේශපාලන අර්බුදයට අදාළව ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල  රැස්වීම් ගණනාවක් පසුගිය දිනවල හදිසියේම පැවැත්විණ.

මේ අතර  ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ  අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් කිරීමට  සමගි ජන බලවේගය පක්ෂය කටයුතු කරමින් සිටින  අවස්ථාවක   එම යෝජනා කතානායකවරයාට බාර දීමෙන් පසු  පාර්ලිමේන්තුවේදී ඒ යෝජනා සම්බන්ධයෙන්  ඡන්ද විමසීම් හදිසියේ  පැවැත්වීමට ඉඩ ඇති හෙයින් ඒවාට සක්‍රියව  සූදානමින් සිටීම වැදගත් වන බව පක්ෂ නායකයෝ පවසති.

එසේම සිය ජංගම දුරකතන මේ කාලයේදී සක්‍රීයව තබා ගන්නා ලෙසද ඒ ඒ පක්ෂ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  දැනුම්දී  ඇත.

 

 



අදහස් (2)

මැති ඇමැතීන්ට ’’රට සවාරි’’ තහනම්

දාස Saturday, 16 April 2022 11:54 AM

මේ බොරු දැකලා අපිට එපාවෙලා හලෝ...

:       0       0

siri Saturday, 16 April 2022 02:07 PM

එහෙම කීවට සෙනසුරාදා උදේ 10.40ට රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ පුද්ගලික ජෙට්යානාවෙන් එක්කෙනෙක් ඩුබායි වලට ගියා නේද? එතැනින් ඇමෙරිකාවට යන්නයි, ටිකට් අරගෙන තියෙන්නේ....! මේ වැඩේ එළිවුණොත් කලබලයක් වෙයි කියලා ගෝල්ෆේස් එකට හමුදා රථ විශාල ගණනක් ගෙනැවිත් තිබුණු බව වාර්තා වුණා. උදේ 11 වෙනකොට ඒවාත් අස්කරගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1265 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site