(ප්‍රසාද් රුක්මල් )
මඩොල්සිම පොලිසියේ පොලිස් නිලධාරීන් 18කට සහ පොලිසියේ කම්කරුවකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (25) තහවුරු කළේය.
මොවුන්ගේ ආශ්‍රීතයන් ලෙස හදුනාගත් මඩොල්සිම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් 35 ක් මේ වනවිටත් නිරෝධනයට ලක් කර සිටින බවද සෞඛ්‍ය බළධාරීන් කීහ .
කෝවිඩ් ආසාදිත පිරිස අතර පොලිස් සැරයන්වරයකු ,පොලිස් කොස්තාපල් රියදුරෙකු ,පොලිස් කොස්තාපල්වරුන් 16ක්සමඟ පොලිසියේ කම්කරුවකු සේවකයකු සිටින බව සෞඛ්‍ය අංශ සදහන් කළේය .
මෙම කෝවිඩ් ආසාදිත පොලිස් නිළධාරින්ගේ කොටසක් බිදුනුවැව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් ,සෙසු නිලධාරීන් ඒ ,ඒ, ප්‍රදේශ වල කෝවිඩ් ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය බළධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියහ .
නිරෝධනයට ලක් කර සිටින මඩොල්සිම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නිළ නිවසේ සහ සෙසු පිරිස සිය නිවෙස් වල නිරෝධනයට ලක් කර සිටිති .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මඩොල්සිම පොලිසියේ 18 කට කොරෝනා