( කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේදී වෑන්රියක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ වෑන් රියේ ගමන් ගත් තිදෙනකු වන අතර තුවාල ලැබූවන් අතර ලොරි රථයේ රියදුරා සහ හිමි නමක්ද සිටින බව පොලීසිය කියයි.
මාතලේ කවටයාමුණ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත.
ඔවුන් අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධිය වැද පුදා ගැනීමට ගොස් එමින් සිටියදී මෙම අනතුරට මුහණ පා ඇතැයි පොලීසිය කියයි.
තුවාලකරුවන් සහ මෘතශරීර දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.






( ඡායාරූප -කාංචන කුමාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද රියදුරු මහතුන්ගේ රිය පැදවීම.