(ටි. එල්.ජවුෆර් කාන්)

මඩකලපුව දිස්ත්‍රික්කයට ඇස හැළෙන තද වාර්ෂාව නිසා ලොකු කුඩා ජලාශසියල්ල පිටාර මට්ටමට පැමිණීමත් සමග වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

වෙල්ලවේලි කෝවිල් පෝරතිවු පලුකාමම් පෙරිය පෝරතිවු කොක්කටිච්චෝලයි එරුවිල් කලුවන්චිකුඩි කුරුමන්වෙලි කුතව්ලයි තේත්තාතිවු ඇතුළු බොහෝ ස්ථානවල ඇති කුඩා ජලාශ සියල්ල පිටර ගලන බව වාර්මාර්ග අංශ පවසයි.

පිටාර ගලන වැව්වල සිටින කිඹුලන් ගම්මානවලට ඇතුළුවීමේ අවදානමක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.