(අංජුල මහික වීරරත්න)
මඩකලපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ පළමු අදියර සහ ප්‍රතිසංස්කරණය කරන ලද ආමාශ හා ආන්ත්‍රික ඒකකය සහ අක්මා ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි.
සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කරමින් රුපියල් මිලියන 324 ක පිරිවැයක් යටතේ මෙම ඉදිකිරීම් කර ඇත.
මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 05 කින් යුක්ත වේ. වර්ග මීටර් 4,328 කින් යුත් හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ බිම් මහලේ සායන, එක්ස් කිරණ ඒකක (X-Ray) සහ ECG පරීක්ෂණ ඒකක වලින් යුක්ත වන අතර, පළමු මහල කැතීටරීකරණ රසායනාගාරය (කැත් රසායනාගාරය) සහ කිරීටක සත්කාර ඒකකය (CCU) කින් යුක්තය. දෙවන මහල ශල්‍යාගාර සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SICU) කින් යුක්ත වන අතර, තුන්වන සහ හතරවන මහල් ඇඳන් 80 කින් යුත් වාට්ටු වලින් සමන්විතය.
මෙහි ඉදිකිරිම් කටයුතුවලට අදාළ උපදේශන සේවා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) විසින් සිදු කරනු ලබයි.
විවෘත කිරීම් වලින් අනතුරුව පැවැති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා මඩකළපුව රෝහල දිගු කලක් තිස්සේ නැගෙනහිර පළාතේ තෘතීයික සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටිය වී ඇති බව කීය.
වසර ගණනාවකට පෙර සුළු පහසුකම් සහිතව ආරම්භ වූ රෝහල මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව නැගෙනහිර පළාත පුරා සිටින රෝගීන්ට ද ප්‍රතිකාර කරන ප්‍රමුඛ ආයතනයක් දක්වා වර්ධනය වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මඩකලපු රෝහලට අලුත් පණක් ලැබෙයි