
(යොහාන් භාසුර)
මෙම වසරේ පසුගිය මාස හතරේ වාහන සහ යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශාල පහත බැසීමක් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අප්‍රේල් මස 30 දක්වා මාස හතර තුළ කාර් රථ 576 ක් සහ යතුරුපැදි 2,205 ක් පමණක් ලියාපදිංචි කර ඇති බවත් එම කාලය තුළ බස් රථ 199 ක් පමණක් ලියාපදිංචි කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කීය.
‘කොවිඩ්’ වසංගත පැවැති පසුගිය වසර (2021) තුළ කාර් රථ 3,495 ක් ද, යතුරුපැදි 8,011 ක් ද, ලියාපදිංචි කර තිබූ බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම වාහනය දෙතුන්වරක් ලියාපදිංචි කරන්නද කියන්නේ?