
(සුසිල් ප්‍රියන්ත, ඩී.ජී.සුගතපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිටියාගොඩ මානම්පිට ප්‍රදේශයේ අවන්හලකදී මත්පැන් පානය කරමින් සිටි දෙදෙනකු ඉලක්කකර සිදු කළ වෙඩි තැබිමකින් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මීටියාගොඩ එරනවිල පදිංචි වරදිවෙල ගෙදර සරත් චමින්ද උදය කුමාර නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම දෙදෙනා අවන්හලේ මත්පැන් පානය කරමින් සිටියදි රාත්‍රි 10.50 පමණ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු ටි.56 ගිනි අවියකින් සහ 09 එම්.එම්.වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත.
වෙඩි තැබ්මෙන් ලබා ඇති පුද්ගලයා මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි අම්බලන්ගොඩ ප්‍රාද්ශිය සභාවට ස්වාධින කණ්ඩායමකින් අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂකයකු බවද පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ ඔහු ඉලක්කකර මෙම වෙඩි තැබිම සිදුකර ඇතත් දේශපාලන හේතුවක් මත සිදුකර ඇති එකක් නොවන බවය.
ඔහු මෙයට වසර කිහිපයකට පෙර සිදු කරණ ලද මනුෂ්‍ය ඝාතනයකට අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති අයකු බවද පොලිසිය පවසයි.
අවන්හලේ හිමිකරුද එම ස්වාධින කණ්ඩායමෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවට තරග කරණ අපේක්ෂකයෙකි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීටියාගොඩ වෙඩි තැබීමක් අයෙක් මරුට