ඉන්දිකා රාමනායක
මීගමුව දුංගාල්පිටිය ලෙල්ල ම ප්‍රදේශයේ දී අද (12)පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිටිපන ප්‍රදේශය පදිංචි (25) තරුණයෙකු බව ද පොලීසිය කියයි.
මෙම තරුණයා අද පෙරවරු 10.30 ට පමණ වෙන්නම ප්‍රදේශයේ රැඳී සිටියදී යතුරුපැදියපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව අද දහවල් මියගොස් ඇත
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .
දුන්ගල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd