(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වල්ලුවර් කොට්ටන් “නිවාස යෝජනා ක්රමයේ දෙවන අදියරේ නිවාස ඉදිකිරීමේදි “ආදි මානවයන්ගේ ශිෂ්ඨාචාරයක් සහිත මෙගතිලික සොහොන් “කිහිපයක් හමුවීම නිසා එම ප්‍රදේශයේ ඉදිකිරීම් නැවැත්වීමට පියවර ගත්බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර 3000කට වඩා පැරණි මෙම සොහොන් අතරින් දැනට සොහොන් 12ක නටබුන් මතුවී ඇති බවත් නිවාස ඉදිකිරිම් සඳහා නොදැනුවත්කමින් සොහොන් පහක ගල් ගලවා ඉවත් කර පසෙක ගොඩ ගසා ඇති බවත් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය පුරාවිද්‍යා අධ්යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසීය.
ඇතැම් සොහොන්වලට නිදන් හොරු හානි කර ඇති බව කී අධ්යක්ෂවරයා සමහර සොහොන් තවමත් සුරක්ෂිතව පවතින බවද දක්නට ඇතැයි කීය.
මෙගතිලික සොහොන් යනුවෙන් හඳුන්වන ආදි මානවයාගේ මෙවැනි සොහොන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාංඔය, මහින්දපුර ආදි ප්‍රදේශවලින් මුලින් හමු වී ඇති අතර වල්ලුවර් කොට්ට්න් වලින් හමු වූ තුන්වැනි ස්ථානය මෙය වේ. මෙවැනි ඉදිකිරීම් සිදුකිරීමේදී පුරාවිද්‍යා වාර්තාවක් කැඳවිය යුතු වුවත් එම නීති රාමුවෙන් පිට මෙම කටයුතු සිදුකර තිබීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවද සහකාර අධ්යක්ෂවරයා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර නීතියේ හැටියට අවසර ගන්න ඕනෙ නැතිව ඇති.
අපේ රටේ දේශපාලකයන්ට ඉතිහාසය කියන එක පිළිගන්නේ නැහැ. මොකද වැඩි දෙනාගේ ඉතිහාසය.... ?
දැන් ඔය සොහොන් ඇතුලෙත් කඩු වලලල යයි හොරෙන්ම , පස්සේ කියන්න අපි ඒ කලේ ඉදන් මේවයේ හිටිය කියල
මෙපමණ වටිනා ඉඩම්ද පිට රට්ටුන්ට පවරා දෙන්න සැලසුම් කරන්නේ?
මහා පිරුවානා පොත්වහන්සේගේ එන නම්පොත හෙවත් විහාර අස්න කියවා බලන්න. එදා ලක්දිව පුරා තිබුණු සියලුම වෙහෙර විහාරවල නම්ටික ඇති (නම්පොත නමින් ගුගල් කරලා බලන්න) අද ඔයින් කීයද ඉතිරිවෙලා තියෙන්නේ? අනිත් සේරම 1505 සිට පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍යන් විසින් විනාශකරලා ඒ මත ඔවුන්ගේ පල්ලි, කෝවිල්, පොලිසි, රජයේ දෙපාර්තමේන්තු, උසාවි, ගොඩනැගිලි හැදුවා.. ඔබ බෞද්ධයෙක් නම් ඒ ඉතිහාසය කියවා බලා ඔබේ දරුවටත් කියාදෙන්න.
මේක අපේ ලංකාව. ඇත්තේ එකම නීතියකි.
මෙහෙමත් කාලකන්නි ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති. මේ තරම් වටිනා ඉතිහාසයක් යට වෙලා තිබිලා මතු වුණානම් වෙන රටක මිනිස්සු කොහොමද රකින්නේ මේවා? ඒකට මේ රටේ උන්නැහේලා, ඔක්කොම කුඩු කරනවා. කාට කියන්නද මේ විනාශය? එහෙන් පරිසරය විනාශ කරනවා. ජල සම්පත විනාශ කරනවා. පුරාවස්තු විනාශ කරනවා. නීතිය වල් වැදිලා, ප්රජාතන්ත්රවාදය දූෂණය කරලා...
නිධන් තියන ඉඩම්වලම ගම්මාන සෑදීමේ රහස ප්‍රසිද්ධ රහසකි.