
(ගයාන් සූරියඅරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍ර දේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව නිලධාරීන් කළ විමර්ශනවලදී සැකකරු විසින් පොදු දේපොළ සාවද්‍ය පරිහණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
මොහු කාගේ ආධාරකරුවෙකු විය හැකිද? දේශපාලනයත් බැරි, ක්‍රිකට් ගහන්නත් බැරි... හැබැයි කප්පංවලට ප්‍රසිද්ධ නමක් එළියට එයිද? සම හරක්ට මේ රටේ ආරක්ෂක දේවතාවෝ තමයි ඉතින්.
පොදු දේපල නම් ඇප නැහැ .එමෙන්ම කොපමණ කාලයක් කාගේ අවසරයකින් මේ ව්‍යාපාරය කලාද සහ පොදු දේපල සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් මෙතෙක් කල් කොහෙද හිටියේ කියාත් සොයා බැලිය යුතුයි
ලොම් හැලිච්ච පප්පගේ අර්ථ කථනය අනුව නම් මෙහි වරදක් දකින්න පුළුවන්ද? නිකන් තිබුණු යන්තරය ප්‍රෙයා්ජනයට ගත්තා කියාවි...
මේවගේ අවබාවිතා වැඩ නිසා තමයි NPP එකට පසුගිය මැතිවරණ වලදී බහුතර ජනතාවක් බලය දුන්නේ..., ඒත් තව කීපදෙනෙක් ඉන්නවා ඉතිරි වෙලා. ඒ අය වෙනුවෙන් කඩේ යන සෙට් එකක් මෙතැන ඉන්නවා.