(සුජිත් හේවාජුලිගේ )
ඇමැතිධුර දීම මේ අවස්ථාවේදී නොකළ යුතු බවත් එය කළ යුත්තේ රටේ ආර්ථික අර්බුදය සමනයවීමෙන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
තමා ඇමැතිකම් ඉල්ලා අඬාගෙන ජනාධිපතිවරයාගේ පස්සෙන් නොයන බවද ඔහු සඳහන් කළේය.
අලුත්ගමගේ මහතා මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් අද (2) කළ විමසුමකදීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සඳහන් කළේය.
ඇමැති ධූර මම කිසිම දවසක ඉල්ලලා නෑ. ඒ වගේම ඇමතිධූර ඉල්ලලා තර්ජනය කරලාත් නැහැ. ජනාධිපතිතුමා වගකීමක් දුන්නොත් බාර ගන්නවා. ඒක වෙනම කතාවක්. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා. ඒත් මම ඇමැතිකම් ඉල්ලලා අඬාගෙන පස්සෙන් යන්නෙ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතාවක් ජනාධිපතිතුමා කාටවත් ඇමැතිකම් දෙන්න. අදහසක් නැහැ...
හී හී මේ කතාව දැකලා සතුට වැඩිකමට ...ත් ගියා.
දේශපාලන සම්ප්‍රප්ඵලාප කියැවීමෙන් ධනාත්මක කිසිවක් නොලැබේ. මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේ කෑ ගැසුවා ඇරෙන්න කළ වෙනත් දෙයක් නැත...!
ඇමැති පට්ටම් කෙසේවෙතත්, දැනට ඔයාට එරෙහිව විභාගය වෙමින් තිබෙන නඩුවලින් බේරලා දුන්නොත් ඕනෑතරම් ඇති නේද?
ඇමති කාලේ පරම්පරා ගාණකට ඇති වෙන්න හම්බකර ගත්තුවා තියෙන්නේ?
දැක්කාමත් වමනෙට එනවා... හොරුන්ගේ හොඳම කෙනෙක් ...
අනේ නිකං හිටං...!
බයියොන්ට දැන් තියෙන්නේ දොර මුල්ලට වෙලා හොරෙන් අඩන්න විතරයි
රටේ ගොවිතැන විනාශම කරපු පොල් හොරා .අම්මපා මුට හෙන ගහන්න ඕන
....මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා.... අම්මේ ඇති. ඔය කොරපු හරිය හොඳටම ඇති. දැන් ගෙදරට වෙලා නිවාඩු ගන්න.
කෘෂිකර්මය දීලා මුළු රටම කෙළවුණානේ... තවත් ලැජ්ජා නැතිව ඇමැතිකම් ඉල්ලනවනේ... කට විතරයි, මේලෝකෙ වැඩක් බැහැ...