
(සුජිත් හේවාජුලිගේ)
ජනතාවට සෙත සලසන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග රජයේ අද එකම වැඩපිළිවෙල පලිගැනීම පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන් අත්අඩංගුවට ගැනීම, හිරේ දැමීම සහ ස්ථාන මාරු කිරීම කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා හැරෙන්නට අද ඔවුන් කරන වැදගත් දෙයක් පෙනෙන්නට නැතැයිද ඔහු සඳහන් කළේය.
අමරවීර මහතා මෙසේ පැවසුවේ කොළඹ ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය 2 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ 10 වැනි නියෝජිත මහ සභා රැස්වීමේදීය.
මේ රජය බලයට එනවිට දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටුකර නැතැයි පැවසූ හිටපු අමාත්‍යවරයා ලොකු ප්‍රමාණවලින් අඩුකරන්නේ යැයි පැවසූ විදුලි බිල සහ ඉන්ධන මිලද ජනතාව පීඩාවට පත්වන ආකාරයට වැඩි කළ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කාපු ඒවා අල්ලන එක පළි ගැනීමක්ද?
ඔබතුමා රනිල් එක්ක ඉන්න කොට කිව්වා නේද 2048 වෙනකන් ඉවසන්න කියලා ඔන්න අපි ඉවසනවා. ඉතින් ඔබතුමාත් ඉවසන්න.
ඔබලා වගේ අයට වෙන කියන්න දෙයක් නැහැනේ...
ළඟදීම මෙතුමාටත් කේස් එකක් එයි. කතා කළොත් කේස්...
මුලින් කෑගැහුවා කෝ හොරු අල්ලනවා කීවා ඇල්ලුවද කියලා. කෝ ෆයිල් ටික කියලා හූ කීවා. දැන් හොරු අල්ලාගෙන යන කොට පලි ගන්නවලු. මෙයාලා හොරකම් කරලා අල්ලනකම් බලාන හිටියේ කාව අල්ලනකන්ද? අහිංසක අපි මේ මහජනතාවට හොර නාම දීලා අල්ලනකම්ද?
ඉස්සෙල්ල කිව්ව ෆයිල් විතරයි හොරු නැ කියලා, දැන් හොරු අල්ලන කොට නහයෙන් අඬනවා පලිගන්නවා කියලා, තමුන්ටත් ළඟදීම ස්වීප් එක ඇදෙයි...
රජයේ පළිගන්නේ ජනතාව වෙනුවෙන් කරන සේවයක්... අපිට ඇත්තේ හිරබත් කන්න. හිටපු ජනතාව පත්කළ නියෝජිතයින්ට දඬුවම් දෙන්න.
නැතුව නැතුව ... හැබැයි සුදනෝ අර ව්‍යාපෘතියෙන් මුදල් සෙට් එකට නම් උරුම හිර ගෙදර තමයි... දූෂණ එක එක එළියට ඒම වළකන්න නම් බැරිවෙයි.
වැරැදි වලට දඬුවම් දීම පලි ගැනීම ලෙස හුවා දක්වයි නම් ඉන් කියැවෙන්නේ ඔබ බය වී ඇති ආකාරයයි.
උඹලාගේ අප්පච්චි සහ සුනිල් තුමාගේ පාලන සමයේ හොරකම් කරපු ජනතා දේපල ගැන සෙවීම පළිගැනීමක්ද?
ජනාධිපතිතුමා කියලනේ තියෙන්නේ හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා...
මේ මිනිහා පොලොස් බූරුවෙක් . අඩුම තරමේ මේ වැඩකට නැති ආණ්ඩුව රජයේ කූඩැල්ලන්ට එරෙහිව පියවර ගන්නවා. ඔව්, දිගු කාලීනව, මේ ආණ්ඩුව 2028 වන විට කිසිවක් කර නොතිබෙනු ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ 2028 වන විට සියලුම දේශපාලනඥයින් ඉවත් කර සදහටම බලයේ රැඳී සිටීමටයි. මතක තබා ගන්න, එන්පීපී වහලුන් ජනාධිපති ලෙස භයානක ත්‍රස්තවාදියෙකු තෝරා ගත්තා. මෙය නේපාලයේ ද සිදු විය.
ලෑස්ති වෙලා ඉන්න, ඉක්මනට යන්න ලැබෙයි.
පලිගන්නවා කියලා කියන්නේ ලැජ්ජාවට. මේක පලිගැනීමක් නෙමේ. රට බන්කොලෝත් කරලා, ජනතාවට වස විස දීලා ඇල්වතුර මිශ්‍ර බෙහෙත් පොවලා, හොරා කාලා, මීනීමරලා සැපවිඳලා... දැන් තමයි. ඒවා දිරවන්නේ... ජනතාවට හොඳට සලකනවා කිසිම වරදක් නැහැ. එකා එකා ඇතුළට යන හැටි බලන්න වැඩිහිටි ජනතාව ආසාවෙන් ඉන්නේ. නිකම්ම ඉන්න වේලාවට ගියා නම් හරි. කඩ පිලකට, වයසක දෙමව්පියෝ පුදුම සතුටකින් කතා කරන්නේ ඔබලා ගැන.... හරි සතුටුයි ඒ අයට. ඔබලා දැන් ජනතාව ගැන දුක් වෙන්න එපා. හදවත උණුවෙන බොරු සෝබන නැති අවන්ක නායකයෙක් ඉන්නවා අපිට. දැන් ගොබ්බ රැලට තියෙන්නේ බන්ධනාගාර බස් එක එනකොට. සුදු රෙද්දෙන් වහගෙන බස් එකට නගින්න. ඔබලා සේරම මැරෙන්න කළින් විඳවනවා. හොරා කෑවේ අසරණ දුප්පත් ජනතාවගේ සැප සම්පත්... ඔබලාට හෙන හතට වැඩිය හොඳයි හිර ගෙදර...!
නුඹලා මින් මත්තට.... දුක කියනකොට තහනම් වචනය ජනතාව. ඒ දවස්වල ජනතාව කෑමොර දෙනකොට බීරි අලි වගේ හිටියේ... දැන් මොවුන්ගේ කටේම ජනතාව දුකින්ලු. පිස්සු එහෙම දුකක් නැහැ... මේ වෙන දේවල් දැක්කාම ලන්කාවද කියලා හිතෙනවා. බුරුතු පිටින් හිරේ යවන්න හදනකොට අර සින්දුවක් තියෙන්නේ කුල්ලෙන් පොලා ගල් කැට ඇහිඳලා, සෝදා හාල් ගරා හනිකට ලිපතබා. ඒ විදියට තමයි දැන්වෙන්නේ. මාලිමාව හොඳට පොලලා, ගල් කැට, වැලිකැට, ගුල්ලෝ. මේවාට අයිති වෙන්නේ ගොබ්බ රැල... ලිප තනන්නේ හොඳ ටික ඒවා ජනතාවට. ඔබලාව උල තියන්න යන්නේ... නමගිය හොරු ටික දැන් සද්ද නැහැ. ගෙදර ඉන්නවාද දන්නෙත් නැහැ. ඒ අය තමයි මුන්ව අවුස්සන්නේ. ඒත් වැඩක් නැහැ හැන්ද තියෙන්නේ මාලිමාව අතේ. කවදාවත් බිම වැටෙන්න දෙන්නේ නැහැ. ඉස්සර නොම්බර එකේ හිඟන රට ලන්කාව. දැන් ඒකෙන් මුදවාගෙන... ලෝකයේ නොම්මර එකේ මුතු ඇටය වෙනවා කලකදී... ඉවසන්න...
ඒ කාලේ ඔය මොලේ තිබෙන්නේ කොහේද?
හොරා කාපුවා අල්ලන හින්දා පාලි ගන්නවයි කියනවා .ඔබට අසාධාරණයක් වෙලා තියනවානම අධිකරණයේ පිහිට පතන්න පුළුවන්නේ
හොරුන්ට ජනාධිපති සමාවක් ගන්න කමිටුවක් පත්කරනු...