
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ බෙදෙන්නට කාලයක් නොව සියලු මන්ත්‍රීවරුන් එකතු වන්නට කාලය යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ 225 බෙදුනොත් ජනතාවට විය යුතු යුතුකම් ඉටු කරන්නට නොහැකි වන බව ද නියෝජ්‍ය කතානායක වරයා කීය.
නියෝජ්‍ය කථානායක ධුරයට පත්වීමෙන් පසු සභාව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:-
අද තීරණාත්මක සහ මුළු මහත් මුළුමහත් රටම කතා කරන දිනයක් බවට අද පත්වුණා.
පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් නොදුන් සැමට මගේ ස්තුතිය පළ කරනවා. අදින් පසුව මම පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනාගේ නියෝජ්‍ය කථන කතානායක වරයායි. ඒ සියලුම දෙනාට එක වගේම කටයුතු කළ යුතුව තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු අර ඉස්සර කළා වගේ දෙපැත්තම එකතු වෙලා ඩීල් දමාගෙන ව්‍යාපාර ටික ඉස්සරහට කරගෙන යමු. උද්ඝෝෂණ කරන අලුත් කොල්ලෝ.. අලුත් අදහස් ඉදිරියට ගෙන ආවොත් අපේ වැඩකටයුතු ඔක්කොම අවුල් වෙනවා. 2015ට කළින් තිබුණු ආණ්ඩු කාලෙත්, යහපාලන ආණ්ඩු කාලෙත් කිසිම ප්‍රශ්නයක් නොමැතිව ජාවාරම් ටික කරගෙන යනවා.
බෙදෙන්න කාලේ නොවෙයි නම් ඔය බයිලා ගහන්නෙ නැතිව ඔහේට ඉල්ලලා අස්වෙන්න තිබුණානේ... අර අගමැති කිව්වා වගේ කවිරත්නට පත්වෙන්න.
ඔව් ඔව් බෙදුණොත් වෙන්නේ සදහටම ගෙදර ඉන්න.. නැතිනම් මහ උළු ගෙදර ඉන්න. කොහොම හරි මීළඟ ඡන්දයෙන් අතුගෑවිලා යන්න කළින් එකතුවෙලා ව්‍යවස්ථාව වෙනස් කරගෙන දිගටම ඉන්න ක්‍රමයක් හදා ගම්මු..
අනේ කාලේ වනේ වාසේ කිවුවාලු.ඔය පුටුවට එන්න තරංග කලේ මොකටද ?භේද වෙන්න ඕන නැතිනම් තරංග නොකර ඉන්න තිබුනේ නැද්ද?
බෙදෙන්න කාලය නෙමෙයි නම් යෝජනාව ඉල්ලා අස්කර ගන්න තිබුණනේ්... ඔහේ කියවනවා අපි මෝඩයින් කියලා හිතලා...