
(කාංචන කුමාර ආරියදාස)
ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිලකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවීහු පවසති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වගාකරුවන් ශක්තිමත් කිරීම සඳහා විදේශ රටවලින් මුං ඇට ගෙන්වීම නවතා දැමීම නිසා මුං වගාව බොහෝ ගොවීන් සිදුකළ බව දේශීය මුන් ගොවිහු කියති.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩි වශයෙන් මෙවර මුන් වගා කොට මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කොට තිබේ.
විල්ගමුව ප්‍රදේශයේ මුං වගාකරුවෝ මේ දිනවල පවතින දැඩි අව් රශ්මියේ මුං ඇට පෑහීම වෙන්කර ගැනීම පිරිසුදු කර කරගැනීම ආදී කටයුතුවල නිරතවන අයුරු එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය.
ලග්ගල විල්ගමුව ප්‍රදේශයේ මුන් ගොවීන් කියා සිටින්නේ පසුගිය වසරවල මුංඇට සඳහා රුපියල් දෙසිය සිට රුපියල් 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ගැනීමට හැකියාව තිබුණු බව ය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුංගොවියා නැතිනම් ඉන්නේ පාර හදන අයද? පටලැවිල්ලක්නේ වෙලා තියෙන්නේ...
දේශීය භාණ්ඩයක මිල ඉහළයි කියන්නේ අනික් පැත්තෙන් පාරිභෝගිකයා නේ පරාද? මිල ඉහළ යාම සාර්ථකත්වය මනින දෙයක් වෙන්නේ කොහොම ද? දෙගොල්ලොම පුලුවන් තරම් සම බිමක තියන එක තමයි සාර්ථක ආර්ථික ක‍්‍රමයක ලක්ෂණය වෙන්න ඔ්නේ.
අනේ මේ අහිංසක ගොවි මහත්ම,මහත්මීන්ට යහපතක්ම වේවා....
මුන්ට කන්න සල්ලි කොහෙන්ද .කුලී වැඩක් හොයාගෙන මුන් ඇට කිලෝ එකක් ගත්තහම හරිද ?
ඔන්න අපේ ගොන් හරක්ට දැන්වත් තේරෙනවා ද ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ අත මිට සරු කරන්න ,පිට රටින් ගෙන්වන්න ඉඩ දුන්නම අපේ මිනිස්සු ගොවිකම අත් හරිනවා. ජය වේවා .සියලුම ආනයන තහනම් කර යුතුමයි .
මුං වේලන්න පාලමක් හැදුවේ ඇයි ?
ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිලකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවියන් පවසනවානම්, එය ඉතාම සතුටුදායක පුවතක්....ගොවියන්ගේ මහන්සියට ඉහළම මිලක් ලැබුන අවස්තාවක්...ඒ වාගේම දේශීය පාරිභෝගිකයන්ටත්, මෙවැනි මුදලකට මුංඇට මිළදී ගන්නට හැකිද යන්නත් සලකා බැලිය යුත්තක්.....මොකද මේ දවස්වල සාමාන්‍ය පාරිභෝගිකයා පාන් කියාගන්නවත් බැරිව ඉන්න නිසා.. ඔයාලට පුලුවන් නම් පිටරටවල් වලටත් ඔබලාගේ නිශ්පාදන එවන්න.."මුංඇට කිරිබත්" කන්න පෙරේත අය ඉන්නවා ඔය කියන රටවල්වල ඕනෑතරම්...
මුං ඇට කිලෝවකට 700ක් නොවෙයි 2000ක් දුන්නත් තව දෙයි කියාවි. ලංකාවේ මුං ගොවීන් කීදෙනෙක් ඉන්නවද? ඒවා පාරිභෝජනය කරන අය කී දෙනෙක් ඉන්නවාද? එතනයි ගැටළුව. අද කඩෙන් ගත්තා 500ක් රුපියල් 450 කට. එතකොට මාසෙටම අපිට එතැනින් එහාට යන්න බැහැ. ඊට පස්සේ මුං ඇට මිලදී ගන්න පාරිභෝගිකයා අකමැත්තෙන් හරි පස්ස ගහනවා. මෙන්න මෙතන දී තමයි රජයක් මැදිහත් වෙන්න ඕනෑ. සාධාරණය ගොවියාටත් පාරිභෝගිකයාටත් දෙගොල්ලන්ටම ඕනෑ. වගාවට යන පිරිවැය අඩු කරන්න රජය මැදිහත් වෙන්න ඕනෑ. කිලෝවකින් 500ක් වගේ අයුතු ලාභයක් ගොවියා ගන්නවා නම් ඒකත් වැරදියි...
ඕනෑම දෙයක සැපයුම සීමා කිරීමෙන් සැපයුම්කරුගේ මිල ඉහල යාම සාමාන්‍ය තත්වයකි. එය මුං ගොවීන්ට ඉහළ මිලක් යනුවෙන් අතිශයෝක්තියට නගන අයවලුන් තේරුම් ගත යුත්තේ මීට පසු මුං කෑමට හැකිත්, සුඛෝපභෝගි පන්තියේ අයවලුන්ට මිස සාමාන්‍ය අයට නොවන බවයි..
දැන් තියෙන බඩුවල ගණන් හැටියට ඔය කියන මුදලට හුඟ දෙනෙකුට මුං ඇට ගන්න මුදල් නෑ.
සර් ෆේල් නේද?
මුං ගොවියොද
මේ ගාණට මුං අට කන්න පුළුවන් සර් ගේ පවුලට විතරයි
අනුන්ගේ පහනින් එලිය බැලීම. පාර හැදුවාම එතන මුං වේලනවා .කොහොමද මොලේ