(සුජිත් හේවාජුලිගේ )
රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික වියදම් සීමා කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.
මේ අනුව පාර්ලිමේන්තුවේ සේවකයන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට මෙතෙක් නිකුත් කෙරෙන බස් ගමන් බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කෙරෙනු ඇත.
එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ මුදලක් රජයට වාර්ෂිකව දැරීමට සිදුවන අතර රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක් හෙයින් ලබන වසරේ සිට එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කළ හැක්කේ කෝටි හතරක් පමණක් බව මහා භාණ්ඩාගාරය වැඩිදුරටත් දැනුම්දී ඇතැයිද වාර්තාවේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලේ දෙන බස් ගමන් බලපත්‍රය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් එම මණ්ඩලයට වාර්ෂිකව මෙතෙක් දුන්නේය.
මෙම බස් ගමන් බලපත්‍රය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව ගත් තීරණයක් අනුව 1981 වර්ෂයේ සිට එම සේවකයන්ට ලැබුණු වරප්‍රසාදයකි.
මේ අතර මේ වර්ෂය සඳහා නිකුත් කෙරුණු බස් ගමන් බලපත්‍රය ලබන මස 2 වැනිදාට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බාරදෙන ලෙස දැනුම් දෙමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එසේ බාර නොදෙන්නේ නම් දඩ මුදලක් අය කෙරෙන බවද එම චක්‍රලේඛයේ දැක්වේ.
මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ලංගම බස් රථ නවයක් දැනට නොමිලයේ යෙදවෙන අතර එය දිගටම ක්‍රියාත්මක කෙරෙන බව දැනගන්නට ඇත.
මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන් වර්ෂ අවසානයේදී අතිරේක දීමනා ගෙවීමද මේ වසරෙන් පසු නතර කිරීමට රජය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ එවුන්ගේ ඒවාට අත තියලා නෑ. පොඩිඋන්ට විතරයි වගේ...!
ඒකත් කැපුවේ එතැන ඉන්න පොඩි එවුන්ගේ මිසක්.., අර හැමදාම නිකම් බොරුවට කෑ කෝ ගගහා කාලේ කන රංචුවේ කට්ටියගෙන් නෙමෙයි.
පාර්ලිමේන්තුවේ වැඩකරන අය විතරක් විශේෂ පුද්ගලයින් වෙන්න බැහැ.. ඒක ආදර්ශයට ගෙන පළාත් සභාවල ආණ්ඩුකාර කාර්‍යාලයේ හා කොමිසමේ සේවකාදීනුත් අයුතු ප්‍රයෝජන ගන්නවා... දෙනවා නම් සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඔහොම දෙන්න ඕනෑ... ඇත්තටම 1981 කාලයේ පැවැති ආණ්ඩුව මෙහෙම වැඩකිරීම බලවත්ම අසාධාරණයක් කියන්න පුළුවන්... ඇත්තටම පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා සේවකයින් හා නිලධාරින් රටේ ජනතාව කෙරෙන් විවෘතව අයදුම්පත් කැඳවා බඳවා ගන්න බවකුත් අහන්න ලැබෙන්නේ නැහැ... මෑතකදී එක් තනතුරක් සඳහා අයදුම්පත් කැඳවා තිබුණා. ඒකෙ තිබුණා අවම වයස හා පළපුරුද්ද ගැන බැලුවාම ඔලුව කැරකෙනවා...
පාර්ලිමේන්තුවෙන් කනබොන මාධ්‍යවේදීන්ගේ වියදමත් කපලා දැම්මොත් හොඳයි...
පාර්ලිමේන්තු වරප්‍රසාද, දීමනා (මැති, ඇමැති, කථානායක, අගමැති, ජනාධිපති) කපන්න බැරිද?
පාර්ලිමේන්තුවත් සාමාන්‍ය ගාස්තු අය කරන්නේ, ඕකෙන් දවල් කෑම ගත්තොත් රුපියල් 200, ඕවා නතර කරන්න... සාමාන්‍ය මනුස්සයෙකුට ඔය ගාණට කොහෙන්ද කන්න තියෙන්නේ ලංකාවේ..?
අරගලය මොට්ට වෙලාද?
ඕවා නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන කෑම බීම... මොකටද නිකන් කෑම දෙන්නේ? පිනට රස්සාවත් දීලා...
නිකමුන්ට අපේ සල්ලි වලින් කන්න දෙන එක නතර කරන්න. ඔය කැන්ටිම වහලා දාන්න. ඕක ඉඩමයි බිල්ඩිමයි හෝටලේකට දෙන්න..
දුර්වල රනිල් ඇතුළු කට්ටියගෙන් පිරුණු පොහොට්ටුවෝ ටික එළවලා දානකන් මේ විකාර වැඩ ඉවර වෙන්නේ නෑ..