
(අංජුල මහික වීරරත්න)
සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට සේම ඊට ලබා දී ඇති මුල් තැන අහෝසි කරන්න උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කරන්න සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ නව වැනි ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ඉහළ ස්ථානයක් ලබා දී එය ශක්තිමත් කර පෝෂණය කිරීම ප්‍රවර්ධනය කිරීම ගැන සඳහන් බව අමතක නොකළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඊට අමතරව සෙසු ආගම්වලට ද සංස්කෘතීන්ට ද නිසි ස්ථාවරය රැකවරණය ද ලබා දී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහඔය ජිනරතන හිමියන් පිළිගැනීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටමස්ථානෙන් පටන්ගන්න සර්...
අර තායිලන්තෙන් වැඩිය විසිදෙනමගේ උදව් අනිවාර්යයෙන්ම ගන්න සර්.
අපි එහෙනං සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කරන්න සූදානම් "බලකායක්" හදමු. ඒකට උස අයයි, මිටි අයයි බඳවා ගමු. ඊට පස්සේ ඒ උස - මිටි බලකායට, ජපන් භාෂාව උගන්නමු. ඊට පස්සේ ඒ උස - මිටි බලකාය පන්සලක්, පන්සලක් ගානේ, රෑට රෑට අරිමු, අපේ හාන්ඳුරුවරු සනීපෙන්, සංතෝසෙන් ඉන්නවද කියලා බලන්න. දැන් ඉතිං මාර සේනාවක් ආවත් සම්බුද්ධ ශාසනය විනාශ කරනවා බොරු ...
ලමා අධිකාරිය අහෝසිකරල දැම්මොත් හාමුදුරුවන්ගේ වැඩවලට බාදා අඩුවෙනවා. ඔබතුමාට පින්!
අනේ මේ, පව් නොදී යන්න මහත්තයා බොරු නොකියා... හම්බන්තොට ඉන්දැද්දී හවසට ' වෙල් ෆැන්ටා ' බීලා " ඉබි මස් " රසකර කර කාපු කාලය මතකද? පාණාතිපාතා, අදින්නාදානා, මුසාවාදා, සුරාමේරය... කරපු හැටි අමතකද? හැබැයි එකක් කියන්න ඕනෑ... කාමේසුමිච්ඡාචාරා නම් කලේ නැහැ, කරන්න බැහැ !!!