(ගයාන් සූරිය ආරච්චි)

කඩවත නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අලුත්ගම පොලිසියට අනුයුක්ත කොස්තාපල් වරයකු වන අතර මාස පහක පමණ කාලයක් සේවයට වාර්තා කර නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ නමුත් එම කොස්තාපල්වරයාට සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කර නොමැති බවද පොලිසිය කියයි.

සැකකාර කොස්තාපල්වරයා බීමතින් සිටියේද යන්න පරීක්ෂා කිරීම සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිසිය වැඩි දුර විමර්ශනසිදු කරයි.