IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


බැංකුවලට ෆිනෑන්ස් සමාගම්වලට කෝටි 2000ක ණය පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

බැංකුවලට සහ ෆිනෑන්ස් ආයතනවලට වාහන සහ වෙනත් විවිධ දේපළ සම්බන්ධයෙන් හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි දෙදහසකට වැඩි ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකිව පවතින බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.

ණය හෝ ලීසිං වාරික තිහක් හෝ ඊට වැඩියෙන් ගෙවීම පැහැර හැරි අයද රැසක් විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇතැයි හෙතෙම සඳහන් කළේය

මෙම හිඟ වාරික අයකර නොගතහොත් රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක් පවතින බව පැවසූ ලියනගේ මහතා එසේ වුවහොත් රජයට සංවර්ධන මාවතේ ඉදිරියට ගමන් කිරීමට බාධාකාරී තත්වයක් පැන නගිනු ඇතැයිද පෙන්වා දුන්නේය.

පිළිගත් ලියාපදිංචිය සහිත සංගම්වලට දේපළ අත්පත් කර ගැනීමට අවස්ථාව දෙන්නැයි මූලය ආයතන වලින් ඉල්ලීමක් කරන බව ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙසේද සඳහන් කළේය.

රටේ මූල්‍ය පද්ධතිය රඳා පවතින්නේ හිඟ හෝ ණය වාරික නිසි වෙලාවට අයකර ගැනීම හෝ දේපළ නැවත අත්පත් කර ගැනීමේ සාර්ථකත්වය මතයි. අපි නිත්‍යානුකූල ලියාපදිංචි සංගමයක්. අපේ නිලධාරීන් විනය ගරුකයි. අපිට මේ වැඩේ බාදාවකින් තොරව කරගෙන යන්න ඉඩ දෙන්න කියලා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දේපළ අත්පත් කරගැනීමේ පැමිණිලි බාරගන්න. බාරගෙන අවශ්‍ය කටයුතු කරන්න. පැමිණිලි බාරගන්න බැහැ කිව්වොත් අධිකරණයට යෑමටද අපිට බලය තියෙනවා.

නීතිඥයෙකු නමින් පෙනී සිටින ව්‍යාජ නීතිඥයෙකු අද පොලිසි වලට ගොස් දේපළ අත් පත් කර ගැනීමේ ක්‍රියාවලියට බාධා කරන තත්වයක් තියෙනවා. ඔහු නීතිඥයෙකු නොවන බව නීතිඥ සංගමය පවා අපිට දැනුම් දී තිබෙනවා. ණය නොගෙවන අය වෙනුවෙන් පෙනී සිට මූල්‍ය ආයතන කඩා වැට්ටවීම ඔහුගේ අරමුණයි. එවැනි බොරුකාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සිය දේපළවල ණය වාරික සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේනම් අප සංගමය අමතන්න. අපි ඒ සඳහා නොමිලේ සේවය සලසන්න සූදානම්. බොරුකාරයන්ට රැවටෙන්න එපා කියන එක අපි නැවත වතාවක් ඉල්ලනවා.

ඔහු මෙසේ පැවසුවේ බොරැල්ල එන් ඇම් පෙරේරා ශාලාවේදී  අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (0)

බැංකුවලට ෆිනෑන්ස් සමාගම්වලට කෝටි 2000ක ණය පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 483 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site