IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (26)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

රජය අප්‍රේල් මාසයේ සිට සහල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩසටහන අගය කරනවා. නමුත් තෝරා ගැනීමේ ක්‍රමවේදය  පිළිබඳව බරපතළ  ගැටලු තියනවා.

ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීම් සමහර තැන්වල සිදුවෙනවා. හාලිඇල ප්‍රදේශයෙන් එහෙම සිද්ධියක් වාර්තා වුණා. ඒක හෙළි කළේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ  වැඩ කරන රජිත  කීර්ති තෙන්නකෝන්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා.

බෙදා දෙන හාල්වල ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුයි. මොකද මේවා දෙන්නේ අපේ රටේ ජනතාවට. හොයලා බලලා කටයුතු කරන්න.



අදහස් (2)

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්

Hafeel Friday, 26 April 2024 02:01 PM

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි කියලා රජයෙන් ඉල්ලීමක් කරන එක හොරාගේ අම්මාගෙන් පේන ඉල්ලන එක වගේ...!

:       2       5

Saththaya Saturday, 27 April 2024 07:29 AM

ගොඩාක් හොදයි . ඒ වාගේම බාල පෙට්ටි ගෙවල් ගැනත් විදිමත් පරීක්ෂණයක් , බලයට ආපු ගමන් කරනවා කියල පොරොන්දු වෙන්න . එතකොට හිතන්නේ නැති චන්ද ප්‍රමාණයක් ලැබෙයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සා.පෙළට ආශිර්වාද ගන්න ගිය සිසුවා මරුට
2024 මැයි මස 06 2 0

සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින බලන්ගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේද


කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප
2024 මැයි මස 06 14 0

කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාර


T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම්
2024 මැයි මස 06 259 0

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක


පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක්
2024 මැයි මස 06 163 0

ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියු


පරාතේ තහනම් නීතිය හෙට මැතිසබයට
2024 මැයි මස 06 142 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්
2024 මැයි මස 06 462 0

තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1969 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1724 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site