(අංජුල මහික වීරරත්න)
ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආගමන-විගමන සේවා පෞද්ගලීකරණය කිරීම හෙලා දකින බව ද කොමියුනිස්ට් පක්ෂය කියයි.
වීසා නිකුත් කිරීමේ සම්පූර්ණ මෙහෙයුම් VFS ග්ලෝබල් (VFS Global) වෙත පැවරීමේ උත්සාහයක් තිබෙන බව කියන කොමියුනිස්ට් පක්ෂය මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේද පෞද්ගලික දත්ත විදේශීය රජයන් ඇතුළු තුන්වන පාර්ශ්වයන්ට හෙළි වන බව පවසයි.
මෙවැනි පසුබිමක් තුළ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ කටයුතු VFS Global සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය දුන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන කොමියුනිස්ට් පක්ෂය ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කරයි.
මෙම පෞද්ගලීකරණය සිදුවූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුව විසින් සොයා බැලිය යුතු බවද කොමියුනිස්ට් පක්ෂය වැඩිදුරටත් කියා සිටී.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා
නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා
මන්නාරම, සිලාවතුර ,සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බවට සිලා
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කරන බව අපර
වනාන්තර විනාශ නොකර රබර් වගා කර නිෂ්පාදන කටයුතු කරන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.
ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක්
චතුර Monday, 06 May 2024 04:26 PM
අර එඩිතර තරුණයාගේ හඬට තමා මෙයාලත් ඇහැරිලා තියෙන්නේ...
kotiya Tuesday, 07 May 2024 02:58 AM
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්යෂ කියලා එකකුත් තිබිලා. අපි හිතුවේ ඒක ඉවර වෙලා ගොඩක් කල් කියලා.