
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ දුම්රිය ස්ථානය, සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා භූමිය උපයෝගී කරගනිමින් කොළඹ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.
මෙම බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්තානය ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතියක් අනුවය.
මෙම ව්‍යාපෘතිය මගින් දැනට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී සිදුවන නාස්තිය අවම කරගැනීමට හැකි වන බව ද භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ගබඩා කරන ස්ථාන පිළිබඳව පවතින ගැටලු සදහා විසදුම් ලබාදීමට ද මෙයින් සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතියෙන් උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර ආදී ප්‍රදේශවල ඇති භාණ්ඩ, යෝජිත බහු ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත දුම්රියෙන් රැගෙන ඒමට කටයුතු කෙරෙන බව ද මෙහිදි අදහස් දැක්වූ ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේය.
කොළඹට ආසන්නව වේයන්ගොඩ දුම්රිය ස්ථානය පිහිටා ඇති නිසා මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාව ඇත්තේ දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා සංකීර්ණය මේ සදහා භාවිත කිරීමට හැකි බැවින් වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ රැගෙන එන භාණ්ඩ අපනයනය කිරීමටත්. දේශීය වශයෙන් බෙදා හැරීමටත්, නිදහස් වෙළඳ කලාප සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීමටත් හැකියාව පවතින බවද මෙහිදි හෙලිවිය.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්තානය ඇමතිගේ නිරීක්ෂණයට