
(රෝහණ සමරවීර)
ගොඩකවෙල දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග නොමැති වීමෙන් රෝගීහු දැඩි අසීරුතාවයන්ට පත්වී සිටිති.
ගොඩකවෙල, කොස්නාතොට, බලව්න්න, පින්නකන්ද, බිබිලේගම, වෙත්තිලකන්ද, මල්වත්ත, ගලහිටිය, මස්ඉඹුල, නියන්ගම, වරායාය ඇතුළු ගම්මාන රැසක ජනතාව ගොඩකවෙල දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමැණෙති.
හෘද රෝගග දියවැඩියා රෝග, ළමා, මාතෘ,මානසික රෝග විශෙෂඥ වෛද්‍ය සායන ඇතු, සායන ගණනාවක් එම රෝහලේ පැවැත්වෙන අතර එහි භාහිර රෝගී අංශයට දිනපතා පැමිණෙන රෝගීහු සංඛ්‍යාව දෙසිය පනහත් හාරසියයත් අතර පවතී.
නමුත් තමන්ට අවශ්‍ය කරන බොහෝ ඖෂධ ෆාමසිවලින් ගැනීමට වෛද්‍යවරුන නියම කිරීම නිසා මුදල් නොමැති වීමෙන් ඒවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවූහු අඳෝනා නගති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට හිරිහැර කරදර හොඳටම ඇති දෙයියන්ගේ නාමෙන් දැන්වත් පුළුවන් කට්ටියකට රට බාරගන්න ඉඩ දෙන්න පින්සිද්ධ වෙයි.
බෙහෙත් නැතිව පීඩා විඳින්නේ ගොඩකවෙල ජනතාව පමණක් නොවේ මුළු රටේම තත්වය එයයි.
හොකරම් දූූෂණ චෝදනා නැති නායකයෝ පත් කරගන්න දැන්වත් ඉඩ දෙන්න. රට විනාස කරා හොඳටම ඇති.
නයනසිරි, පිටරටවලින් ලැබෙන බෙහෙත් මැති ඇමැතියන්ගේ ගෙවල්වල... ඉතිරි දේවල් පස්ස දොරෙන් විකිණෙනවා.