(ගයාන් සූරිය  ආරච්චි)

විනය හා කල් ක්‍රියා කොට්ඨාශයේ කාන්තා පොලිස් සැරයන්වරියක රාජකාරියට වාර්තා කිරීම සඳහා බස් නැවතුම්පොලේ සිටියදී යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු සැරයන්වරියගේ  ගෙලට කඩුවක් තබා  මරණ බවට තර්ජනය කර ගෙල බැඳි   රන්මාලය කඩා පලා ගොස් ඇති බව කොස්ගම පොලිසිය පවසයි.

පොලිස් සැරයන්වරිය ඊයේ (14) සිය සැමියා සමඟ කොස්ගම බොල්ලතාව බස් නැවතුම්පොළේ  බසයක් එනතුරු රැදී සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක්  අයෙකු යතුරුපැදියෙන් බැස විත් පොලිස් සැරයන්වරියගේ ගෙලට ට කඩුවක් තබා මරණ තර්ජන කර ගෙල බැඳී බැඳී පවුම් භාගයක රන්මාලය කඩා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

සැරයන්වරිය පොලිසියට කළ පැමිණිල්ලක්මත විමර්ශන ආරම්භ කර ඇති අතර සීසී ටීවී දර්ශන නිනිරීක්‍ෂණය  කිරීමෙන් අනතුරුව  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.