
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේදි අද (07) දහවල් බස් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඕමත්ත සර්වෝදය කන්ද ලිපිනයේ පදිංචි පුෂ්පගේ දිලාන් ධනුෂ්ක නැමැති 31 හැවිරිදි තරුණයෙකි.
ඇල්පිටිය දෙස සිට ඕමත්ත දෙසට යමින් සිටි පෞද්ගලික බස් රථයක ඕමත්ත දෙස සිට ඇල්පිටිය දෙසට පැමිණෙමින් තිබූ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
ගාල්ල නගරයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ කාන්තා බලමණ්ඩල රැස්වීමකට පාක්ෂිකයන් රැගෙන යමින් සිටි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතිබවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd