IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බලශක්ති පාර්ශවකරුවෝ අයවැයට යෝජනා දෙති

(අංජුල මහික වීරරත්න)

බලශක්ති  ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවැත්විණි.

දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.  

විදුලිබලය අපනයනය කිරීමට ඇති අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. බලශක්ති  ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්  ඉල්ලා සිටියේ ක්ෂේත්‍රයට අදාල භාණ්ඩ ආනයනයේදී අධික බදු මුදලක් ගෙවීමට සිදු වී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. 

මේ සියලු කරුණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් සමඟ නුදුරේදීම තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය.

විශේෂයෙන් මෙරට නිශ්පාදන ආර්ථිකයක් සඳහා බලශක්ති ක්ෂේත්‍රයේ උපරිම දායකත්වය ලබා ගැනීම, නිශ්පාදන පිරිවැය අඩු කිරීම, ඒ සඳහා නිශ්පාදකයින්ගේ දායකත්වය ලබා ගැනීම යන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.   

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු, මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සහ බලශක්ති  ක්ෂේත්‍රයේ ආයෝජකයෝ  පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

බලශක්ති පාර්ශවකරුවෝ අයවැයට යෝජනා දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13772 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site