(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතය.

මෙම යෝජනාව  බාර දෙනු ලැබ ඇත්තේ සමගි ජන බලවේගය විසිනි.

බාල ගල් අඟුරු ගෙන විත් රජයට පාඩු  කිරීම ඇතුළු විවිධ ආක්‍රමිකතා සම්බන්ධයෙන් මෙමගින් ඔහුට චෝදනා එල්ල වී ඇත. යෝජනාව අද දවස පුරා විවාදයට ගැනීමෙන් අනතුරුව පස්වරු 5.00ට ඡන්ද විමසීම  පැවැත්වෙනු ඇත.