(සුජිත් හේවාජුලිගේ)

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය යෝජනාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර ඇත.

එම විශ්වාසභංගය යෝජනාව හෙට (19) කතානායකවරයාට භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

බාල ගල් අඟුරු ගෙන ඒම ඇතුළු දූෂණ චෝදනා ගණනාවක් මුල් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරයි.