ශ්රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම අත්හිටවනු ලැබූ වත්කම් වලට ඉන්දීය රුපියල් කෝටි 7.12 ක ස්ථාවර තැන්පතුවක්ද අයිති වේ.
ජැක්ලින්ගේ හිතවතෙකු වූ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව සිදු කරන ලද ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශනයේදී හෙළි වූ කරුණු මෙසේ වත්කම් අත්හිටුවා ඇත.
සිද්ධියට අදාල මුදල්වලින් කොටසක් ජැක්ලින් මහත්මියගේ නමට තැන්පත් කර ඇති බවට විමර්ශනවලදි හෙළි වූ කරුණු මත මෙසේ වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.
36 හැවිරිදි ජැකලින් ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිහිපවතාවක්ම ඇයගෙන් ප්‍රශ්න කර ඇත.
අගෝස්තු සහ ඔක්තෝම්බර් මස ලබා දී ඇති ප්‍රකාශ වල සුකේෂ් චන්ද්‍රසේකර් මිල අධික ත්‍යාග ලබා දුන් බව ජැකලින් මහත්මිය ප්‍රකාශ කර ඇති අතර වරක් ත්‍යාගයක් ලෙස ලබා දුන් මිනි කූපර් මෝටර් රථය නැවත තමන් ඔහුට භාර දුන් බවද පවසා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලින්ගේ කෝටි 7ක් අත්හිටුවයි