IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බලාපොරොත්තුවේ හුස්ම රැගෙන “ශක්ති’’ දිවයිනට

(සුජිත් හේවාජුලිගේ)

ඔක්සිජන් ටොන් 100ක් රැගෙන ඉන්දියාවේ සිට ගමන් ඇරඹු ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට අද පස්වරුවේ පැමිණියේය.

මේ අතර ඔක්සිජන් ටොන් 39 ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාවද දිවයිනට ළඟා වෙමින් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව නාවික හමුදාපතිවරයා විසින් ඉන්දියාවට යවනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

අනතුරුව නාවික හමුදාපතිවරයා ඉන්දීය නාවික හමුදාපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාවද ඔක්සිජන් ප්‍රවාහනය සඳහා ලබාදීමට එකඟ වී ඇත.

මේ අතර රෝහල්වල වැඩිවන ඔක්සිජන් ඉල්ලුම සපුරා ගැනීම සඳහා දියර ඔක්සිජන් ලබා දෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා චීනයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන් හොන්ග් මහතා හමුවූ අවස්ථාවේදීය.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට හැරී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

 



අදහස් (10)

බලාපොරොත්තුවේ හුස්ම රැගෙන “ශක්ති’’ දිවයිනට

pakeer Sunday, 22 August 2021 03:47 PM

මෙච්චර දෙයක් වෙලත්, ආණ්ඩුව තවමත් ඉන්නේ, ලොක්ඩවුන් නොකර මේක පාලනය කරන්න පුළුවන් කියන මතයේමද? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ, අපේ ආර්ථිකේ බල්ලට ගිහින් තියෙන එක.. දේශපාලකයන්ගේ වැඩ නිසා... දැක්මක් නැති සංවර්ධනේ කිය කියා කරන මගඩි සහ අනවශ්‍ය දුර දැක්මක් නැති විනාශ නිසයි. දැන් ඒකත් ජනතාව කරපිට දානවා..

:       0       13

Bandara Sunday, 22 August 2021 04:06 PM

විපක්ෂයෙන් හුස්මක් කළ හදියක්...

:       3       5

Dasa Sunday, 22 August 2021 04:15 PM

කී දෙනෙකුගේ හුස්ම සදහටම පිටවෙන්න ඇද්ද ඔය නැව එන්න ගිය කාලය තුළ?

:       1       5

pohottu pakshikaya Sunday, 22 August 2021 05:30 PM

ඔක්සිජන් කන්නද?

:       3       10

mahinda Sunday, 22 August 2021 05:59 PM

ඔක්සිජන් කන්නද?

:       3       9

පිටිගල මිලානෝ Sunday, 22 August 2021 06:07 PM

හා...හා... මේකත් සර්ගේ ශෝ එකක් කරන්න එපා...

:       5       9

Sam Sunday, 22 August 2021 06:37 PM

මොන තරම් නාස්තියක්ද? ටොන් 100ක්‌ ගේන්න නැවක් ගියා කියන්නේ... කන්ටේනර් 3ක්‌ හෝ 4ක්‌.. නැවක් පැයක් දුවන්න යන මුදලත් එක්ක... මේක ෂෝ එකක්...

:       3       7

සුමනා Sunday, 22 August 2021 06:49 PM

නියමයි... වසර 2500ක ආඩම්බර ඉතිහාසයක් තියෙනවා යැයි කියන අපට, පණ කෙන්ද රකින ඔක්සිජන් එන්නෙත් පිටරටින්. ජයවේවා...!

:       1       7

Sri Lanka Sunday, 22 August 2021 08:02 PM

හැමදෙයක්ම පිටරටින් ගේනකොට අපි හිතුවේ නෑ... හුස්මත් ගේන්න වෙයි කියලා..

:       1       6

fairoos Monday, 23 August 2021 01:45 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... ඒක කියන්න කවුරුවත් නෑ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site