




(කාංචන කුමාර ආරියදාස)
කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලාන්තරයක් තිස්සේ ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැව අපරාධ මෙන්ම වන විනාශයන් පිළිබඳව හදිසි දුරකතන ඇමතුම් හරහා තොරතුරු ලබා දෙන්නැයි රජය කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ බලපත්‍ර නොමැති දැව මඩුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම ස්ථානයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව තේක්ක, මහෝගනී, කටකෑල, කොහොඹ, ආදී විවිධ වර්ගයේ දැව කොටන් සහ විවිධ ප්‍රමාණයන් වලට ඉරන ලද සකසන ලද දැව විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගලේවෙල වන සංරක්ෂණ නිලධාරීන්ට භාර දී එම නිලධාරීන් සමග එක්ව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය.
මෙම දැව වල වටිනාකම සහ ප්‍රමාණය පිළිබඳව විමසීමේ දී ගලේවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කියා සිටියේ මෙතෙක් ඒවා ගණන් බැලීම සඳහා අවසන් කර ගැනීමට නොහැකි ව පවතින බවයි. මෙම දැව සඳහා යොදාගත් ගස් කුමන ප්‍රදේශයකින් රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විහිළිනේ... මේවා මේ පොලිසියට සහ අනික් අයට පගාව දීලා කරන්නේ ඔහේ විතරක් නොවේ... රටේ හැම තැනම තියෙනවා ඔහොම ඒවා.
ගලේවෙල පොලීසියත් තියෙන්නේ මේ අසලමයි. දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය එනතුරු ගලේවෙල පොලිසිය මේ ගැන ක්‍රියාකර නොතිබුණේ ඇතැම්විට ඔවුන් දැනුවත්ව මෙය සිදුවූ නිසාද? මේ පුවතේ සඳහන් පරිදි දීර්ඝ කාලයක් තිස්සේ මෙය පවත්වාගෙන ගොස් ඇති නමුත් ගලේවෙල කිසිඳු අදාල බලධරයෙකුගේ නෙත නොගැටීම හාස්‍යයට කරුණක්. මේත් සමගම ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සහ ගලේවෙල වනසංරක්ෂණ නිලධාරියාවද අත්ඩංගුවට ගන්නයි තිබුනේ...