IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බලපත් නැති ලී මෝලක්


(කාංචන කුමාර ආරියදාස)
 
කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලාන්තරයක් තිස්සේ ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන්  සහ විවිධ  ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දැව අපරාධ මෙන්ම වන විනාශයන් පිළිබඳව හදිසි දුරකතන ඇමතුම් හරහා  තොරතුරු ලබා දෙන්නැයි රජය කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ බලපත්‍ර නොමැති දැව මඩුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම ස්ථානයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව තේක්ක, මහෝගනී, කටකෑල, කොහොඹ, ආදී විවිධ වර්ගයේ දැව කොටන් සහ විවිධ  ප්‍රමාණයන් වලට ඉරන ලද සකසන ලද දැව විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගලේවෙල වන සංරක්ෂණ නිලධාරීන්ට භාර දී එම නිලධාරීන් සමග එක්ව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය.

මෙම දැව වල වටිනාකම සහ ප්‍රමාණය පිළිබඳව විමසීමේ දී ගලේවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කියා සිටියේ මෙතෙක් ඒවා ගණන් බැලීම සඳහා අවසන් කර ගැනීමට නොහැකි ව පවතින බවයි. මෙම දැව සඳහා යොදාගත් ගස් කුමන ප්‍රදේශයකින් රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
 



අදහස් (2)

බලපත් නැති ලී මෝලක්

mihira Monday, 22 February 2021 08:43 AM

මේවා විහිළිනේ... මේවා මේ පොලිසියට සහ අනික් අයට පගාව දීලා කරන්නේ ඔහේ විතරක් නොවේ... රටේ හැම තැනම තියෙනවා ඔහොම ඒවා.

:       0       19

Pradeep Tuesday, 23 February 2021 03:17 AM

ගලේවෙල පොලීසියත් තියෙන්නේ මේ අසලමයි. දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය එනතුරු ගලේවෙල පොලිසිය මේ ගැන ක්‍රියාකර නොතිබුණේ ඇතැම්විට ඔවුන් දැනුවත්ව මෙය සිදුවූ නිසාද? මේ පුවතේ සඳහන් පරිදි දීර්ඝ කාලයක් තිස්සේ මෙය පවත්වාගෙන ගොස් ඇති නමුත් ගලේවෙල කිසිඳු අදාල බලධරයෙකුගේ නෙත නොගැටීම හාස්‍යයට කරුණක්. මේත් සමගම ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සහ ගලේවෙල වනසංරක්ෂණ නිලධාරියාවද අත්ඩංගුවට ගන්නයි තිබුනේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site