
(එම්.සුසිල් පියන්ත)
19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද දහවල් බලපිටිය මහලදූව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
බලපිටිය , හීනටිය පාරේ , පැටිවත්ත ප්‍රදේශයේදී අද ( 09) දහවල් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
බලපිටිය මහලදූව පදේශයේ පදිංචි පැට්ටා නමැති අයකු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
හිටපු කිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනය ප්‍රධාන සැකකරු බව කියන ඔහු එම වෙඩි තැබීම සම්බන්ධයෙන් බලපිටිය අධිකරණයයේ විභාග වූ නඩුවට සහභාගිවී කුලී ත්‍රිරෝද රථයකින් නිවසට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, මේවා කවද ඉවර වෙයිද කියලා? 365 දවසම වෙඩි තැබීම්