IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බලන්ගොඩ කසල ට්‍රැක්ටර් රියදුරෝ සේවයෙන් ඉවත්වෙති

(අජිත්ලාල් ශාන්තඋදය සහ සරත් වීරවංශ)


බළන්ගොඩ නගර සභාවේ කසළ ප‍්‍රවාහනය කරන ට‍්‍රැක්ටරයක රියදුරෙකුට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස  බලකරමින් එම නගර සභාවේ කසළ ප‍්‍රවාහන රියදුරන් අද  (01)  පෙරවරුවේ කසළ පිරවූ ට‍්‍රැක්ටර් නගර සභා කාර්යාලය ඉදිරිට නවත්වා විරෝධතාවක් අරඹා ඇත.


 කසළ පුරවාගත් ට‍්‍රැක්ටරයක් බළන්ගොඩ නගර සභාවේ බැංකයවත්ත කසළ අංගනය වෙත  ඊයේ (31)  සවස ගෙ න යද්දී ඉදිරියෙන් ආ වාහනයකට අයින් නොකළ බව පවසා එම වාහනයේ රියදුරා ට‍්‍රැක්ටර් රියදුරු රොෂාන් ප‍්‍රනාන්දු යන අයට පහරදී ඇති බව කසළ ප‍්‍රවාහනයෙන් ඉවත්ව සිටින රියදුරෝ පවසති. 

මේ වනවිට පහර කෑ රියදුරා බළන්ගොඩ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.


මේ සම්බන්‍ධයෙන් බළන්ගොඩ පොලිසියට පැමිණිලි කළද සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි සේවයෙන් ඉවත්ව ඇති රියදුරෝ පවසති. 


මේ හේතුවෙන් සෙසු සේවකයෝ නගර සභා බල ප‍්‍රදේශයේ කැළිකසළ එකතු කිරිමෙන් ද වැළකී  විරෝධතාව පාති.  


කසළ එකතු කරන ට‍්‍රැක්ටර් දහයක් පමණ නගර සභා කාර්යාලය ඉදිරිපිට අඩක් පිරවූ කසළ සමඟ මෙසේ  නවතා ඇත. 



අදහස් (1)

බලන්ගොඩ කසල ට්‍රැක්ටර් රියදුරෝ සේවයෙන් ඉවත්වෙති

සුනිල් ජයවිර Thursday, 01 November 2018 11:23 AM

සාදාරනය ඉටු කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site