(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)


බලන්ගොඩ  ඔිපනායක උඩවෙල ප්‍රදේශයේදි යුද්ධ හමුදා ගිලන් රථයක් සහ  වෑන් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (20)  සිදු වු අනතුරකින්   පාසල්  ළමුන්  තිදෙනෙකු ඇතුළු  හය දෙනෙකු  තුවාල ලබා බලන්ගොඩ  මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලන්ගොඩ  රෝහල් පොලිසිය පවසයි.

දියතලාව යුද්ධ හමුදා කදවුරට අයත් ගිලන් රථයක්   සහ  වෑන් රථයක්  කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  ඔිිපනායක උඩවෙල ප්‍රදේශයේදි මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවැසීය.

අනතුරින්  යුද්ධ හමුදා ගිලන් රථයේ රියදුරුද  තුවාල ලබා ඇති අතර  වෑන් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහා රෝහල වෙත  මාරැ කර යවා  ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පැවැසීය.


සිද්ධිය සමිබදයෙන් ඔිපනායක පොලිසියේ රථවාහන අංශයේ නිළධාරිහු විසින් පරික්ෂණ සිදු කරයි.