IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බුලත්සිංහල අනතුරින් දෙකක් මරුට

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල හොරණ මාර්ගයේ දෙහිගහ⁣වෙලදි  ටිපර් රථයක් හා කුඩා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් කුඩා ලොරි රථයේ ගමන් ගත් රියදුරු සහ සහයක ජීවිතක්ෂයට පත්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි. 

අනතුරින් තුවාල ලැබී  කුඩා ලොරි රථයේ රියදුරු හා ලොරි සහයක බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ බුලත්සිංහල  අන්තෝනි නන්දසේන, (52) යන  වල්පිටගේ රුවන්, (26) යන දෙදෙනා බව පොලිසිය පවසයි,

මියගිය අයගේ මෘත ශරීර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.



අදහස් (0)

බුලත්සිංහල අනතුරින් දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site