IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බිල් නොගෙවූ මැති ඇමතිවරුන් ගැන පරිපාලන ලේකම්ගෙන් කතානායකට ලිපියක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

ගෙවල් කුලී ,ජල  සහ  විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ  ඒ හිඟ මුදල් අය කර ගැනීම සඳහා මැදිහත්වී කටයුතු කරන්නැයි   රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

ජල සහ  විදුලි  බිල්පත් , ගෙවල් කුලී  ගෙවීම පැහැර හැර  සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ   කමිටු  මාර්ගයෙන් සුදුසු  ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද එම  ලිපියෙන්  වැඩිදුරටත් දැනුම්දී  ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ අදාළ අංශ  මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

ජල සම්පාදන හා ජලා පවහන  මණ්ඩලය පවසන අන්දමට  ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ  සංඛ්‍යාව 60 කට ආසන්නය.

මණ්ඩලය එම මැති ඇමැතිවරුන්ගෙන් අය     කර ගැනීමට ඇති මුදල රුපියල් කෝටියකට අධිකය.

මේ අතර මැති ඇමැතිවරුන්  දස දෙනෙකු පාවිච්චි කළ නිල නිවාස වෙනුවෙන් කුලී මුදල් ගෙවීමද  පැහැර හැර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි  මාර්ගවලින්  පැවසෙයි.

මේ ගෙවල් කුලී  ගෙවීම් කරනු ලැබිය යුතු වන්නේ එම ඇමැතිවරුන් අයත් අදාල අමාත්‍යාංශ විසිනි.



අදහස් (7)

බිල් නොගෙවූ මැති ඇමතිවරුන් ගැන පරිපාලන ලේකම්ගෙන් කතානායකට ලිපියක්

පුරවැසියා... Saturday, 27 August 2022 05:58 PM

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙහි වත්මන් ලේකම්වරයා සෘජුව කටයුතු කිරීම අගය කළ යුතු තත්වයකි. රටේ ඇමැතිවරුන් මෙලෙස ගෙවීම් පැහැර හරින විට සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? මෙවන් පසුබිමක ඉදිරියේදී හෝ මැති ඇමැතිවරුන් වශයෙන් වැදගත් පුද්ගලයින් පත්කිරීමට පාලකයින් වගබලා ගත යුතුයි..!

:       0       15

vinividaSaturday, 27 August 2022 06:52 PM

ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මහජන මුදලින් ජීවත්වන මැති ඇමැතිවරුන්ගේ ඒ හිඟමුදල් අයකර ගැනීම සඳහා මැදිහත්වී කටයුතු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට හෝ පාර්ලිමේන්තුවේ කමිටු මාර්ගයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නොව වගකීම තිබෙනුයේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට වේ. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම හිඟමුදල් අයකර ගැනීම සඳහා මැතිඇමැතිවරුන්ට Registered Mail මගින් දැනුවත්කර දින 10ක් ඇතුළත හිඟමුදල් නැවත ගෙවීම පිළිබඳව පිළිතුරු නොමැතිනම් නීති මාර්ගයෙන් මුදල් නැවත ලබාගැනීමට කටයුතු කළයුතු වේ. ඔවුන් දේශපාලනයෙන් ඉවත් වුවද එම මුදල් පියවීම සඳහා ක්‍රමවේදයක් සකස්විය යුතුවේ. ඔවුන්ගේ වැටුපෙන් හිඟමුදල් අයකර ගැනීම කටයුතු කරන්න. ජනතාව ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කරනු ලබනුයේ මහජනයාගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමට වුවත් මේ වනවිට සිදුවනුයේ මහජනතාවට මැති ඇමැතිවරුන්ගේ ආර්ථික ගැටළු, ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් මහජන මුදල් මගින් ගෙවීම සිදුවීම සහ රජය ඒ සඳහා ක්‍රියා කරන්නේ නම් එය සිදුනොවිය යුතු කරුණකි.

:       0       1

ABSaturday, 27 August 2022 07:16 PM

රටේ පුරවැසියන් වන අපි මැති ඇමැතිවරුන් 225 දෙනාම මුහුණ දෙන ආර්ථික ගැටළු (ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් ගෙවීම) මහජන මුදලින් විසඳාදෙමු... එය පුරවැසි අපේ වගකීමකි..

:       0       0

PIYUN MAHATHTHAYA. Saturday, 27 August 2022 06:13 PM

ඉස්සරහින් අල්ලන්න තියෙන නහය බෙල්ල වටෙි අතදාලා අල්ලන්න කරන උත්සාහයක් වගේ. එහෙම කරකර ඉන්න කොට වැඩේ බාධාවකින් තොරවම ඉලාස්ටික්. ඔහොම යං...

:       2       3

හද ගැස්ම Saturday, 27 August 2022 06:18 PM

ජනතා බදු මුදලින් යැපෙන මේ අය ජනතා සේවය අවංකවම නොකළවිට හදවතේ ගැස්මට වන දෙය මොන සක්කරයාටවත් නැවැත්විය නොහැක...!

:       0       8

පුරවැසියා Saturday, 27 August 2022 06:24 PM

පාලකයෝ මෙහෙම කරනවා නම් රට අගාධයට යාම වළකන්න බැහැ. මේවා විසඳීමට ක්‍රම ඕනෑතරම් තියෙනවා. එනිසා ඉදිරියේදී ගෙවල් දී තිබෙන සියලු මන්ත්‍රීන් සඳහා ඉන්ධන බිල්, දුරකථන බිල්, ජලබිල්, විදුලි බිල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වැටුප් අංශයට ගෙන්වාගෙන ගෙවල් කුලී ඇතුළු සියලු බිල් වැටුපෙන් අයකර ගැනීමෙන් ප්‍රශ්නය විසඳීමට හැකියි එහෙම නොකරන්නේ කතානායක හා පාර්ලිමේන්තුවේ මහලේකම් ඒවාට වගකිවයුතුය කියලා හිතෙනවා.

:       0       18

සෙනෙවිරත්න Sunday, 28 August 2022 06:32 AM

ඕවා අර මන්දිරේ පුටුවේ වාඩිවෙච්චි එක තරම් අලාභයක් නොවෙයි. පාර්ලිමේන්තුවේ මයික් පුටු කඩපු එක නම් නොසලකා හැරිය යුතු දෙයක්, පූල් එකේ සබන් ගාලා නාපු එකතරම් ලෝකෙට අපහාසයක් නොවෙයි.. ඒ රටේම මැති ඇමැතිලා බිල්වලට පොලු තියන එක..!.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site