(ටී.කේ.ජී.කපිල )
ඉන්දුනීසියාවේ 12 වැනි " බාලි අන්තර්ජාතික සංගීත තරගාවලියේ " ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 04 ක් දිනා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි අගනුවර රටවල් 14 ක කණ්ඩායම් 92 ක තරගකරුවන් 4,000 ක ගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය 25 සිට 29 දක්වා පැවැත්වුණි.
එහිදී කණ්ඩායම් තරග අංශයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් සහ මෙහෙයවීම වෙනුවෙන් ශිවන්ති සුබ්‍රමනියම් මහත්මියත් , කේවළ වැඩිහිටි අංශයෙන් ෂෙනුක් විජේසිංහ සහ ළමා තරග කේවළ අංශයෙන් රකිත විද්‍යාපති රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ .
මෙම සංගීත ශිල්පීන් පිරිස කටුනායක ගුවන් තොටුපොළේ දී සිය ගායන කුසළතා විදහා පෙන්වමින් ඉංග්‍රීසි ගීත කීපයක් ද ගායනා කළහ .
ජයාරූපය , රන් පදක්කම් වමේ සිට දකුණට . ෂෙනුක් විජේසිංහ , රකිත විද්‍යාපති සහ ශිවන්ති සුබ්‍රමනියම් .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බාලි ගිහින් රනින් දිනා එයි
Bunny Preena Wednesday, 02 August 2023 01:34 PM
සුබ පැතුම්.!!!