IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බොරළු කැපීමේ ජාවාරමක් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලයි

 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිත යකට  මායිම්ව පෞද්ගලික අයකුට අයිති බව කියන මහා කන්දක පවත්වාගෙන යන බොරළු කැපීමේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සිදුව ඇති පරිසර විනාශයට සහ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ ඉල්ලා සිටිති.

මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් පරිසර විනාශයක් සිදුකරමින් සියලු බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් බොරළු කැපීමේ ක්‍රියාවලිය සිදු වෙන බවට  ප්‍රදේශවාසීන් සංවිධානය දැනුවත් කිරීම මත එහි ක්‍රියාකාරීත්වය සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු කණ්ඩායම මෙම බොරළු කැපීමේ ක්‍රියාවලිය සිදු වන ස්ථානයට ගමන් කරන අවස්ථාවේදී විශාල ටිපර් රථ ප්‍රමාණයක් බොරු පටවා ගමන් කරන ආකාරයක් එම ස්ථානයේ තිබූ ඉපැරණි විශාල ගස් කොළන් කපා  දමා සුණුවිසුණු කර ඇති ආකාරය ද උන්වහන්සේ  ජනමාධ්‍යවේදීන්ට පෙන්වූහ.

එම ස්ථානයේ සිටි යුද හමුදාවේ සේවය කළ අයකු බව කියන අයෙකු පැමිණ කියා සිටියේ මෙම කන්ද අක්කර දෙකක පමණ ප්‍රමාණයක් තමාට සින්නක්කර අයිතියක් ඇති බව යි. පසුව චන්දරතන හිමියන් මෙවැනි විශාල ගස් කොලන් විලාස කිරීම සඳහා අවසර ලබාදී ඇත්දැයි ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූහ.

එම අවස්ථාව වන විට ඔහු සතුව එවැනි කිසිදු ලියකියවිල්ලක් නොතිබුණු අතර පසුව සිංහලේ අපි ජාතික සංවිධානය ස්වාමීන් වහන්සේලා එම ස්ථානයේ සිදුවෙන මහා පරිසර විනාශය බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ආදී සියල්ල නිරීක්ෂණයකට ලක් කරමින් කියා සිටියේ මෙහි දැඩි ගැඹුරු ස්වභාවයක් ආකාරයට වළවල් හාරා තිබෙන බවත් අනුරාධපුර මල්වතු ඔය ආරම්භ වන වන ලැහැබ සහ කන්ද මෙය බව ද උන් වහන්සේලා පෙන්වා දුන්හ.

විනාඩි හතළිස් පහක පමණ කාලයක් ගත කිරීමේ දී යුද හමුදාවේ බව කියූ පුද්ගලයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් ලබාදුන් අවසර පත්‍රයක් චන්දරතන හිමියන් වෙත ලබා දුන්නේය.පසුව උන්වහන්සේ එහි පනවා ඇති නියෝග  පනවා ඇති සියලුම නීති රීති මෙවන විටත් උල්ලංඝනය කරමින් මෙම ජාවාරමක් ලෙස සිදු කරන බව පෙන්වා දුන්හ .

 



අදහස් (11)

බොරළු කැපීමේ ජාවාරමක් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලයි

Raveendra Friday, 19 February 2021 03:55 AM

කොහොමද අපේ සර්ගෙ දැක්ම... ඉන්න රට තියෙනවනේ. ඒ ඇති.

:       8       30

Dinesh Friday, 19 February 2021 07:04 AM

ඔහේ කපපුවාවේ... බොරළු කන්නද?

:       6       27

dewa Friday, 19 February 2021 09:29 AM

මේ ගොල්ලෝ යන්නේ අපිට මැරිලා යන්න තියෙන මේ රත්තරන් රටත් නැතිකරගෙන වගේ...

:       2       22

Hafeel Friday, 19 February 2021 10:32 AM

මේ සිදුවන අපරාධය බැලුවොත්, මේ දවස්වල ආරක්ෂක ලේකම්ගේ කතාවත් විහිළු බවට පත් වෙලා...

:       1       25

විජිත් Friday, 19 February 2021 10:32 AM

මට දැනගන්න ලැබුණු විදිහට මේ "පස් කුන්ඩෝ "සහ "වැලි කුන්ඩෝ " මේ රටේ පස් සහ වැලි වැඩි ප්‍රමාණයක් අරගෙන යන්නේ පෝට් සිටි වල වැඩටලු. ඒ වගේම ඔය ව්‍යාපෘතියට යොදාගත්ත කළු ගල් ප්‍රමාණය මුලදී ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා අඩුවෙන් යොදාගෙන වැඩියෙන් වැලි යොදාගෙන චීනා අපේ ඇස් වසා " ගේමක් " දුන්නු කතාවකුත් ඉංජිනේරුවන් අතර තියෙනවා. කෙසේ වෙතත්, අපේ රට වනසා අපේ රටේ පස් බොරළු පෝට් සිටි වැනි " අපෙත් වන අපෙත් නොවන " වැඩවලට යෙදවීම ගැන පරිසර හිතකාමීන්ගේ ඇස් යොමුවිය යුතුමයි. දැනටමත් ඔය පෝට් සිටිය නිසා මීගමුව දූව මුහුදට බිලිවෙලා අවසන්...

:       2       20

Perera Saturday, 20 February 2021 04:59 AM

මේ අය රට විනාශ කරලා මඩිය තරකරගෙන ඒ අයට පුරවැසි භාවය තියෙන රටවල්වලට පැනගනීවි. කවුරු කවුරුත් දැන්ම තියන් පැනගන්න තවත් රටක් හොයාගත්තොත් හොඳයි.

:       0       8

Andrew Dias Saturday, 20 February 2021 06:01 AM

දුන්නා නම් දැන් විඳවපල්ලා...

:       1       12

Nihal Saturday, 20 February 2021 06:19 AM

බොරු සරණාගතයන් ලෙස වෙනත් රටවලට ගිය මිනිසුන්ට මා එදා අවලාද නැගුවත් දැන් නගන්නේ නැහැ.

:       0       6

වීරසිංහ. Saturday, 20 February 2021 09:21 AM

කෝ මේ හැමදේටම කෑගහන බමුණු ආරච්චි.. තාම කූඩුවෙන් අලියට ඇවිල්ලා නැහැ වගෙයි.

:       0       15

අරුණ ශාන්ත Saturday, 20 February 2021 11:17 AM

බමුණා තමයි ඔය පස් කපන හොරු පිටුපස ඉන්න මහා හොරුන්ගේ වැසිකිලි හෝදන්නේ. පිනක් දහමක් කරගන්නේ නැතිව අර හොරුන්ගේ බැල මෙහෙවරකම් කරනවා.

:       0       3

wijendra Saturday, 20 February 2021 03:26 PM

මෙම ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ සේවය අප අගය කළ යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17868 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site