
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අනුග්‍රහයෙන්, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ පුහුණුව ලත් පළමු කණ්ඩායම පසුගියදා විසිර ගිය අතර දෙවැනි කණ්ඩායම බඳවා ගැනීම ද ඒ සමගම සිදු විය.
කලක් අක්‍රීයව පැවැති මෙම මධ්‍යස්ථානය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිඩට් විසින් පිළිසකර කරනු ලැබ 2019 වසරේ දී යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. පුහුණු කටයුතු සඳහා බජාජ් ත්‍රිරෝද රථයක්, මෝටර් සයිකල් 02ක්, බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස්, විශේෂිත උපකරණ කට්ටල සහ ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් එන්ජින් කොටස්වල රූප සහ අමතර කොටස් සහිතව පැහැදිලි කිරීම් ඇතුළත් පුවරු ද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් පරිත්‍යාග කෙරුණි.
මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ වසරක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවේ මාස 06ක කාලයක් න්‍යායාත්මක පුහුණුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ ද තවත් මාස 06ක කාලයක් DPMC Workshop සමග වැටුප් සහිත පුහුණුවක් ලබා දීමයි. මෙය ජාතික වෘත්තීය සුදුසුකම 04 (NVQ 04) මට්ටමේ පාඨමාලාවක් වේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සේවා) චන්න රණවක මහතා පැවසුවේ පළමු කණ්ඩායමේ සිසුන් 22ක් අතුරින් 07 දෙනකු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි වර්ක්ෂොප් අංශයේ වැටුප් සහිත පුහුණුව ලැබීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර තවත් 15 දෙනකු තමාගේ ගම් ප්‍රදේශවලම සිට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සර්විස් ඩීලර්වරුන්ගේ ආයතනවල පුහුණුව ලබන බවයි.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් මෙම වැඩසටහන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හා එක්ව තවදුරටත් සිදුකරගෙන යාමට බලාපොරොත්තු වන බවත් රණවක මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලේ සාමාන්‍ය ඉගැන්වීමවත් සාමාර්ථ නොවුන මෝඩ බයි සුරුට්ටු සිංහලයන්ට ඔය වගේ තැන්වල වැඩ කරන්න දෙනවා .නමුත් මෝටර් කාර්මිකයා ගේ නේ ජර්මනියේ ඉගෙන ගත්තු ජර්මන් භාශාවත් සරලව කතාකිරීමට හැකි මුස්ලිම් කොල්ලෝ ඕන තරමක් කොළඹ ඇත .ඒ අයව යොදලා ඕක ආරම්භ කරපල්ලා මොට්ටපාල සිංහල මෝඩයානේ
විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කැමති ඇඳුමක් ඇඳන් යද්දී, වැඩිමල් ශිෂ්‍යයින්ට සුදු නිල ඇඳුම් අන්දවලා ඉස්කෝලේ විදුහල්පති කෙනෙක් වගේ කෙනෙක් ගිහින් බලන්න. ඔන්න ඔතැනයි ප්‍රශ්නය... ඒ අය ළමයි නෙමෙයි. වැඩිහිටියන්. ඒ අයට ස්වාධීනව වැඩ කරන්න හිතට හයිය දෙන්න. පිටරට විශ්වවිද්‍යාල සහ පිටරට ශිෂ්‍යයින් බලන්න. ඒ අය තමන්ම හම්බ කරගෙන, ඒකෙන් ඉගෙන ගෙන ඉහළට යනවා වගකීම් දරනවා. මේක ශිෂ්‍යයින්ගේ ගැටලුවක් නෙවෙයි, ඔය පැත්තක ඉන්න දේශපාලනය කරන අයගේ ගැටළුවක්... බුද්ධියක් නෑ, ස්වභාවික ලෝකයේ හැසිරිලා නෑ, සහතිකේකටයි, එහෙයි සර් කියාගෙන ඉඳීමට රැකවරණය ලැබෙන ලොකුකමටයි තමයි මේ චෝදනාව... චෝදනා කරන්නේ වනසන්න නෙමෙයි, හදාගන්න...