IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඩේවිඩ් පීරිස් මෝටර් අත හිත

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අනුග්‍රහයෙන්, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ පුහුණුව ලත් පළමු කණ්ඩායම පසුගියදා විසිර ගිය අතර දෙවැනි කණ්ඩායම බඳවා ගැනීම ද ඒ සමගම සිදු විය.

කලක් අක්‍රීයව පැවැති මෙම මධ්‍යස්ථානය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිඩට් විසින් පිළිසකර කරනු ලැබ 2019 වසරේ දී යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. පුහුණු කටයුතු සඳහා බජාජ් ත්‍රිරෝද රථයක්, මෝටර් සයිකල් 02ක්, බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස්, විශේෂිත උපකරණ කට්ටල සහ ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් එන්ජින් කොටස්වල රූප සහ අමතර කොටස් සහිතව පැහැදිලි කිරීම් ඇතුළත් පුවරු ද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් පරිත්‍යාග කෙරුණි.

මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ වසරක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවේ මාස 06ක කාලයක් න්‍යායාත්මක පුහුණුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ ද තවත් මාස 06ක කාලයක් DPMC Workshop සමග වැටුප් සහිත පුහුණුවක් ලබා දීමයි. මෙය ජාතික වෘත්තීය සුදුසුකම 04 (NVQ 04) මට්ටමේ පාඨමාලාවක් වේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සේවා) චන්න රණවක මහතා පැවසුවේ පළමු කණ්ඩායමේ සිසුන් 22ක් අතුරින් 07 දෙනකු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි වර්ක්ෂොප් අංශයේ වැටුප් සහිත පුහුණුව ලැබීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර තවත් 15 දෙනකු තමාගේ ගම් ප්‍රදේශවලම සිට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සර්විස් ඩීලර්වරුන්ගේ ආයතනවල පුහුණුව ලබන බවයි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් මෙම වැඩසටහන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හා එක්ව තවදුරටත් සිදුකරගෙන යාමට බලාපොරොත්තු වන බවත් රණවක මහතා පැවසුවේය.



අදහස් (3)

බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඩේවිඩ් පීරිස් මෝටර් අත හිත

arschfikaa Wednesday, 09 February 2022 01:14 AM

ඉස්කෝලේ සාමාන්‍ය ඉගැන්වීමවත් සාමාර්ථ නොවුන මෝඩ බයි සුරුට්ටු සිංහලයන්ට ඔය වගේ තැන්වල වැඩ කරන්න දෙනවා .නමුත් මෝටර් කාර්මිකයා ගේ නේ ජර්මනියේ ඉගෙන ගත්තු ජර්මන් භාශාවත් සරලව කතාකිරීමට හැකි මුස්ලිම් කොල්ලෝ ඕන තරමක් කොළඹ ඇත .ඒ අයව යොදලා ඕක ආරම්භ කරපල්ලා මොට්ටපාල සිංහල මෝඩයානේ

:       23       4

පරාක්‍රමFriday, 18 February 2022 03:18 AM

දැන් මෙතන ඉන්න අය සිංහලද, දෙමළද, මුස්ලිම්ද, පෘතුගීසිද කියලා ඔයා දන්නේ කොහොමද..?

:       0       0

kumara Wednesday, 09 February 2022 09:55 AM

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කැමති ඇඳුමක් ඇඳන් යද්දී, වැඩිමල් ශිෂ්‍යයින්ට සුදු නිල ඇඳුම් අන්දවලා ඉස්කෝලේ විදුහල්පති කෙනෙක් වගේ කෙනෙක් ගිහින් බලන්න. ඔන්න ඔතැනයි ප්‍රශ්නය... ඒ අය ළමයි නෙමෙයි. වැඩිහිටියන්. ඒ අයට ස්වාධීනව වැඩ කරන්න හිතට හයිය දෙන්න. පිටරට විශ්වවිද්‍යාල සහ පිටරට ශිෂ්‍යයින් බලන්න. ඒ අය තමන්ම හම්බ කරගෙන, ඒකෙන් ඉගෙන ගෙන ඉහළට යනවා වගකීම් දරනවා. මේක ශිෂ්‍යයින්ගේ ගැටලුවක් නෙවෙයි, ඔය පැත්තක ඉන්න දේශපාලනය කරන අයගේ ගැටළුවක්... බුද්ධියක් නෑ, ස්වභාවික ලෝකයේ හැසිරිලා නෑ, සහතිකේකටයි, එහෙයි සර් කියාගෙන ඉඳීමට රැකවරණය ලැබෙන ලොකුකමටයි තමයි මේ චෝදනාව... චෝදනා කරන්නේ වනසන්න නෙමෙයි, හදාගන්න...

:       6       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site