IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිරියට දරුවන් නැතැයි පාරේ තිබූ දේව ප්‍රතිමාවලට හානි කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බිරිඳට දරුවන් නොමැති නිසා සිත් වේදනාවට පත්ව සිටී බව කියමින් ඇය අදහන ආගමේ දේව ප්‍රතිමා හයකට සහ ඒවා තැන්පත් කර තිබූ වීදුරු කුටිවලට ගල් ගසා හානි කළේ යැයි කියන සැමියකු මනිප්පායි පොලිසිය  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පුදුමලේ  දකුණු සාවල්කට්ටු ප්‍රදේශයේ පදිංචි කේ සෙල්වකුමාර් නැමැත්තෙකි.

සැකකරු කතෝලික ආගම අදහන කාන්තාවක් සමඟ විවාහ වී වී සිටින අයෙකි.

මානිප්පායි උදයපුරම් ආනකෝට්ටේ ප්‍රදේශයේ මංසන්ධිවල සහ එම ප්‍රදේශයේ නිවාස ඉදිරිපිට- වීදුරු කුටිවල කුටිවල තබාතැන්පත් කර තිබූ මරියතුමියගේ දේව ප්‍රතිමා හයකට යතුරුපැදියෙන්  පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් ගල් ප්‍රහාර එල්ල කර හානිකර ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් හෙළිවූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (5)

බිරියට දරුවන් නැතැයි පාරේ තිබූ දේව ප්‍රතිමාවලට හානි කරලා

Bunny Preena Saturday, 29 July 2023 11:28 AM

විවාහක යුවලකගේ ආසාව සහ ප්‍රධාන ඉලක්කය තමයි දරු සම්පත සහ දරු සුරතල් බැලීම... සානුකම්පිතව සලකාබැලිය යුතු බොහෝම සංවේදී කරුණක්... හොඳ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාදෙන්න පළාතේ හොඳ සමාජ සේවකයෙක් කටයුතු කළොත් ඔහුගේ ඔහුගේ මනසට සහනයක් ලැබේවි...!

:       0       23

පැරකුම් Saturday, 29 July 2023 11:50 AM

අතීතයේ මෙවැනි දේ ගැන අසන්නට නොලැබුනි. අද රටේ මිනිස්සු මෙවැනි තත්වයකට ඇද වැටුණේ මන්දැයි සිතාගත නොහැක.

:       12       10

Susantha Saturday, 29 July 2023 01:39 PM

ජෙරම්ට කිව්වානම් වැඩේ නම් ගොඩදාලා දෙනවා.

:       0       0

මැක්ස් Saturday, 29 July 2023 02:01 PM

බෝන් අගේන් වැනි ආගමික කල්ලි තම මතවාද පැතිරවීම සඳහා ඉලක්ක කරන්නේ මෙවැනි අසරණයින්ය. ආගමික නිදහස යැයි ඒවා නිර්වචනය කිරීමට මානව හිමිකම් ව්‍යාපාරිකයින් සැදී පැහැදී සිටියි....

:       0       1

කිරිපුතා Saturday, 29 July 2023 05:06 PM

විද්‍යාව කොතරම් දියුණු වුණත් තවම මිනිසුන් එක එක තැන්වල හිරවෙලා. මානසික වහලුන් වුණාම සත්‍ය අවබෝධ කරගන්න බෑ. දෙදෙනාම වෛද්‍යවරයෙකු මුණ ගැසුණා නම් හේතුව සහ ඊට සරිලන ප්‍රතිකාර ලැබෙනවානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site