(අංජුල මහික වීරරත්න)
නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙි.
(අංජුල මහික වීරරත්න)
නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිතිගොල්ලෑව වගේ ප්‍රදේශයක පාසලක ළමයි ගිය බස් රථයක් අනතුරකට ලක් වුණොත් මේ වගේම කරයිද?... ළමයි කවුරුවත්ම මිය ගිහින් නෑ... ඒක නිසා කමක් නෑ කියලා හිත් සනසාගන්න මිනිස්සු ඉන්න අරුම පුදුම රටක් මේක...
හදිසි අවස්ථාවන් සඳහා ලංකාවට උතුර, මධ්‍යම සහ දකුණු පළාත් ආවරණය වන පරිදි Air Ambulance සේවයක් අවශ්‍ය වේ.
ළමයි සියළුම දෙනා සුළුතුවාල විතරයි කියද්දී, ඇයි බරපතල තුවාල වුණු වෑන් රථයේ සහ ත්‍රීරෝදයේ ඉතුරු අයව කොළඹ ගේන්න බැරිද? කොළඹ ළමයි නිසාද විශේෂ සැලකිලි... මුලින්ම අසාධ්‍ය අයව ගෙනත් ප්‍රතිකාර කරන්න..
කිසිම දවසක සිද්ද වෙච්ච් අනතුරක් ගැන කතා නොකරපු කෙනෙක් අද අනතුරක් ගැන කතා කරනවා.
ඒවා ගැන රටේ ඉන්න වෛද්‍යවරු බලා ගනී.
මේක තමයි රටේ තත්වය. පාසල් ළමයින්ට බරපතල තුවාල නැතත් ඔවුන් කොලබට ගෙනෙන්නට ගුවන් යානා. හේතුව ඔවුන් ලොකු ඉස්කෝල වල දරුවන් නිසා.මේ ඉස්කෝලවල ඉගෙනගෙන දේශපාලනයේ ඉන්න ඉහල අය තම පාසලට විශේෂ උදවු කිරීම. අවාසනාවක තරම. මියගොස් ඇත්තේ වෑන් රථයේ සහ ත්‍රීවීල් රථයේ අය. ඔවුන් පහසුකම් සහ බෙහෙත් නැති ගමේ රෝහලේ මියැදුනාවේ. ලොකු පාසල්වල ළමයින් ඉක්මනින් කොලබට ගෙනත් සීරීම් තුවාල වලට බෙහෙත් දැමීමට රටේ ඉහලම අයගේ උනන්දුව. මේ බලපෑම කෙතරම්ද යත් ලොකු ඉස්කෝලේ අය ආව නිසා බස් රථයේ රියදුරා බිමත්ව සිටියත් අධික වේගයෙන් ධාවනය කර තිබුනත් ඒවා සියල්ල දැන් සගවා අවසන්.
කොළඹට කිරි ගමට කැකිරි කියන්නෙ ඕකට තමයි. දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් දෙන්න ඕන තමයි ඒත් සිසුන්ට පමණක් නොවෙයි අනෙක් අය ගැනත් බලන්න ඕන මෙහිදී කියවෙන්නේ එම ප්‍රදේශයේ අයට තමයි මරණ සිදුවෙලා තියෙන්නෙ ඒගැන මොකුත්ම කියලා තිබේද මෙහි දකින්නට නැහැ ඔවුන්ටත් සාධාරණයක් කරන්න මෙහිදී බසයකට යාමට නොහැකි මාර්ගයක ඉක්මනින් ආපසු ඒමට බසය ධාවනය කිරීමෙන් මෙය සිදුවුනාද කියලා ප්‍රවෘත්ති කියද්දී සිතුනා.
නානුඔය මොකද වුණේ?
මොකද්ද මේ කියන්නේ? එතකොට අනිත් වාහන දෙකේ ඉඳලා බරපතල තත්ත්වයේ ඉන්න අය මනුස්සයො නෙමෙයි ද?
නැවතත් සුපුරුදු ලෙසම කොළඹට කිරි, ගමට කැකිරි.
ඒ තීරණය ඉතාහොද දෙයක්
ඒ වගේ තීරණයක් ගන්න රනිල්ම ඕනෙද.?
පළාත් නවයටම ජාතික මට්ටමේ රෝහල් 9 ක් හදන්න අනෙක පාසල් සිසුන් වගේම අනෙක් මිනිස්ුසත් හොඳ ප්‍රතිකාර ලැබිය යුතුයි. පාසල් බස් රථේ වරදින් නේද අනෙක් අය මියගියේ. ඒ අයට වන්දි ගෙවීමට කඩිනමින් පියවර ගන්න ඕනි. වෑන් එක බස් එකේ හැපුනා නෙවෙයිනේ. බස් එක ගිහින් වෑන් එකයි ත්‍රීවීල් එකෙයි හැපුන එකනේ වෙලා තියෙන්නේ.
අවස්ථාවාදී දේශපාලකයා.
නැතිබැරි කාගෙවත් හව්හරනක් නැති අහංසකයො ටිකකුත් ඊයෙ අනතුරින් මැරෙන්න ඇති....පව්... ජාති..ආගම්...පංති කුල...මල බේද නෙමේ මිනිසත්කම වෙනුවෙන් හැම ජිවිතයකටම වටිනාකමක් දෙන්න...
දේශපාලුවන්ට ඕනි මිනිස්සුන්ව බෙදන්න. එක එක ජාතින් අතර තරහ ඇති කරන්න. එහෙම කරේ නැතුව උන්ට පැවැත්මක් නෑ. හැබැයි බහුතරයක් ඕක තේරුම් අරන් නිසා මුන්ට වැඩි පැවැත්මක් නෑ
ඉහළින් අදහස් දක්වා ඇති නෝනාවරු සහ මහත්වරුන්ට දරුවන් ඇතැයි නොසිතමි. ඉහත අදහස් අනුව මට හැඟෙන්නේ, ඔවුන් හට දරුවන් ඇත්තේ නම් රාත්‍රියේ ඔවුන් ගමන් ගත් බස් රථය ප්‍රපාතයකට පෙරළුණු බැව් සඳහන් ප්‍රවෘත්තියක් අසා කිසිදු කැළඹීමක් නොපෙන්වා උපේක්ෂාවෙන් කටයුතු කරනු ඇති බවය. ප්‍රපාතයකට වැටුණු බස් රථයක ගමන්ගත් බරපතළ තුවාළ ලැබූ දරුවන් ඉක්මණින් හොඳ ප්‍රතිකාර ලබාදීමට ගුවන්යානා සැපයීම වැනි අති දුෂ්ඨ ක්‍රියාවන් කරන ජනාධිපතිවරයා වහා ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.