අමෙරිකා-ඉරාන ගැටුම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිම හේතුවෙන් ලෝක තෙල් මිල 1% කට ආසන්න අගයකින් තවදුරටත් පහළ වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.82 දක්වාත්, අමෙරිකා බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.95 දක්වාත් පහත බැස ඇත. ඇමෙරිකාව හා ඉරානය අතර පැවැති සටන් මේ වන විට දින තුනක කාලයක පටන් නවත්වා ඇත.