
(යොහාන් භාසුර)
බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි.
මෙම හමුව සඳහා බි්‍රතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා, එහි පළමු ලේකම් ටොම් සොපර් මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය කීය.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍යයේ ඉන්දු පැසිපික් අධ්‍යක්ෂ අනුර හමුවෙයි
මාරසිංහ Monday, 06 May 2024 07:13 PM
ඔන්න බලන්න, දැන් සජිත් කලබල වෙනවා... කොහේට හරි ගිහිල්ලා, කළු සල්ලි වලින් ගත්ත මොනවා හරි දෙයක් බෙදන ගමන් මාලිමාවට බනින්න පටන් ගනියි.
pakeer Monday, 06 May 2024 08:21 PM
රෝහණ විජේවීර ඉන්න තිබුණේ මේ කාලේ...!
chandima Tuesday, 07 May 2024 12:15 AM
රෝහණ විජේවීර උන්නා කියලා මොනවා වෙන්නද? එයත් මේ වෙද්දි වයසට ගිහින් රනිල්ලා රාජපක්ෂලා වගේ තමයි
chandima Tuesday, 07 May 2024 12:16 AM
මේ මහත්වරු වීඑෆ්එස් එකෙන් විසා අරන්ද ආවේ?
සෙනෙවිරත්න Tuesday, 07 May 2024 04:10 AM
විජේවීර හිටියත් කාලීනව වෙනස් වෙයි.ඔබ ජවිපෙ මතවාදය හරි වැරදි බලනවද?
Kasun Tuesday, 07 May 2024 10:40 AM
උස නම් සිකියුරිටි.. මිටි නම් කම්කරු..