
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය ශස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළාය.
බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ටැටන්නෝ පළාතේ මිල්ටන් කේන්ස් කවුන්සියලය සඳහා ඉදිරිපත් වූ ශස්නා මුසම්මිල් මහත්මිය එහි ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.
කන්සර්වේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ පසුබෑමකට ලක්ව තිබියදීත් ආසනයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශස්නා මුසම්මිල් මහත්මිය තේරී පත් විය.
ශස්නා මහත්මිය කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් වන අතර බ්‍රිතාන්‍ය විවෘත විශ්ව විද්‍යාලයේ සංවර්ධන කළමනාකරණය පිළිබඳ පශ්චාත් විද්‍යාවේදී උපාධිධාරිනියකි.ශස්නා මුසම්මිල් මහත්මිය සමාජ සේවිකාවක් වෙයි.
මෙම මැතිවරණය මැයි 5 වැනිදා පැවත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ගේ දූදරුවන් පිටරට... අපිට තමයි ඉතින් ඉන්න රටක්වත් නැත්තේ...!
එහෙත් කන්න වගේ හදන්නේ...!
දෙමළ අයගේ තාත්තලා යුද්ධයෙන් පැරැදිලා සුද්දගේ රටට ආවා ' තියාගනින් සිංහලයා නුඹේ රට ' කියලා...!!! ඇවිත් පුදුම කට්ටක් කෑවා.. ළමයින්ට හරි ඉගෙනුම දෙන්න. අද බොහෝ දෙමළ අයගේ ළමයි විශ්ව විද්‍යාලවල උගත්තු.. ඒ වගේම ව්‍යාපාරිකයන්.. ලොව ඕනෑම රටකට මුදල් යවන නමගිය සමාගමත් අයිති දෙමළ කෙනෙක්ට.. ඒ වගේම ප්‍රසිද්ධ මොබයිල් ආයතනයක අයිතිකරු දෙමළ කෙනෙක්.. මෑතකදී බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා පවා මුණගැසුනු කෙනෙක්..! සිංහලයාගේ රට ඔය තත්වයට පත්කර ගත්තේ "සිංහලයාමයි"... හරිම උදාසීන ජාතියක්... දෙනකම් බලාගෙන ඉන්නවා බඩ පුරවා ගන්න...!
සන්තෝසයි.. සුබපැතුම්...!
හ,,හා,,, හරිම අපුරුයි,,,,තාතතත් අරගෙන ගිහින් දැම්මනම් තමා හොද, සුද්දත් ඔන්න කෙලවගන්න හදන්නෙ,
ශ්‍රී ලාංකීය දියණියට මගේ හදපිරි සුභ පැතුම් !!!!!!
SWISS කියපු දේ හරි.සිංහල ජාතිය හරිම කම්මැලි ජාතියක් .රට කරන පොඩි තැනේ ඉඳන් මහා එකා ලඟට එනකම් හොරකම .ඊට පස්සේ ලෝකේ වටේ යනවා.හිඟා කන්න.පේනවනේ අරගලය .කෑම බීම ඕන තරම් .වැඩක් කරන්න හිතන්නේ නෑ .රටවල් දියුණු වෙයිද?
උණුසුම් සුබපැතුම්...! ඔබේ සාර්ථකත්වය ගැන අපි සියලු දෙනාම ආඩම්බර වෙනවා. විශිෂ්ඨයි..! තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී වේවා..! අල්ලා දෙවියන්ගේ පිහිටයි..!
අපේ සුබපැතුම්..!