කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ජුනි 7 වැනි දා ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසයි.
නව අගමැතිවරයකු පත්කර ගැනීම සඳහා ඉඩ සලසමින් මෙම තීරණයට එළඹි බවද ඇය ප්‍රකාශ කර ඇත.
කෙසේ වුවද කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා සුදුසු පුද්ගලයකු තෝරා ගන්නා තෙක් අගමැති ධූරයේ කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
බ්‍රිතාන්‍යයේ දෙවැනි අග්‍රාමාත්‍යවරිය වීම පිළිබඳව ආඩම්බර වන බවත් එය තමා ලද ගෞරවයක් ලෙස සළකන බවත් තෙරේසා මේ පවසා ඇති අතර ඇය හැඟුම්බරව මෙම ප්‍රකාශය සිදුකළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෙරේසා මේ ඉදිරිපත් කරන ලද බ්‍රෙක්සිට් සැලසුම තෙවරක්ම පරාජයට පත්වූ අතර එය නැවත ඉදිරිපත් කිරීමට නායකත්වය දීම සඳහා සුදුස්සකු තෝරා ගැනීමට ඉඩදීම බ්‍රිතාන්‍යයේ යහපත වෙනුවෙන් කළහැකි හොඳම දෙය බව අගමැතිනිය පවසා ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න "මිනිස්සු " සුද්දෝ එහෙම තමයි අපේ අය රටට හෙන ගහලා මගුල් නටනවා !
කවදාද අපේ රටේ මෙහෙම දේවල් වෙන්නේ? රට ගිලා බැස්සත් එල්ලීගෙන පක්ෂ නායකත්වයේ ඉන්න ලැබුණා නම් ඇති...
එහෙම වෙන්නේ එංගලන්තේ... එංගලන්තේ….
ඒ කියන්නෙ මේ, මේ මාසෙ මේ ඉවත්වෙනවා කියන එකයි...
අපේ හාල්පාරුවන් මේක දැක්කද මන්දා?