IMG-LOGO

බ්‍රිටිෂ් කොස්මෙටික්ස් සමාගම කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානය

රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ අලෙවියේ ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලාංකීය නාමයක් වන බ්‍රිටිෂ් කොස්මෙටික්ස් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී රුපලාවන්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

“මෙම සුවිශේෂ සම්මානය ලැබීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී සතුටක්. අපි ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය කරනවා මෙන්ම ඒවා පාරිභෝගිකයා අතට පහසුවෙන් පත් කිරීමට විශිෂ්ට අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ ජයග්‍රාහී අවස්ථාවේදී අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයටත්, දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන්ටත් ස්තූතිවන්ත වෙනවා.” ප්‍රධාන විධායක නිලධාරිනී නිරෝෂා ජාගොඩආරච්චි මහත්මිය පැවසුවාය. ඇය Career Professional Women Awards 2019 සම්මාන උළෙළෙදී විශිෂ්ටතම කාන්තාවන් 50 අතරටද නම් කරන ලදීි. බි්‍රටිෂ් කොස්මෙටික්ස් සමාගම 1993දී ඉතා කුඩාවට ඇරැඹූ අතර වර්තමානයේදී එහි සේවක සේවිකාවෝ 300ක් පමණ සේවය කරති.

සම, කෙස්, නිය ආදිය සෞඛ්‍ය සම්පන්නව සහ ආකර්ෂණීයව පවත්වා ගෙන යාමට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සපිරි නිෂ්පාදන රැසක් බ්‍රිටිෂ් කොස්මෙටික්ස් නිෂ්පාදන කළඹට අයත් වේ. බ්‍රිටිෂ් කොස්මෙටික්ස් නිෂ්පාදන ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත. එම නිෂ්පාදන මාර්ගගත ක්‍රමයට දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාවද ඇත.



අදහස් (0)

බ්‍රිටිෂ් කොස්මෙටික්ස් සමාගම කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site