IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.

බයිඩන් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් ද ඇමසන් වනාන්තරයට ගිය අතර, බයිඩන් වනාන්තරය මැද විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය. ඊට අදාල සියලු උපාංග බයිඩන්ගේ සහායක කණ්ඩායම විසින් වනාන්තරයට රැගෙන ගොස් තිබුණි.

මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදීහු බයිඩන්ගෙන් ප්‍රශ්න අසන්න වූහ. ඒ, ඇමෙරිකාව, යුක්රේනයට ලබා දී ඇති දිගු දුර මිසයිල යොදා ගනිමින්, රුසියාවේ ඉලක්ක වෙත පහර දෙන්නැයි බයඩන් දුන් අවසරය සම්බන්ධයෙනි. කෙසේ නමුත් ජනාධිපති බයිඩන් මාධ්‍යවේදීන් ඇසූ එම ප්‍රශ්න නෑසුණා සේ මඟ හැර මාධ්‍ය හමුව අවසන් කර පිටුපස වනාන්තරයට ඇවිද යන්න විය.

එහිදී බයිඩන්ගේ සහායකයන් ‘ජනාධිපතිතුමනි ඔහෙ කවුරුවත් නැහැ. හෛ එන්න’ යැයි පවසමින් බයිඩන් ආපසු ගෙන්වා ගන්නා වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.

81 හැවිරිදි බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයේ සිටින වයස්ගතම පුද්ගලයාය. වයස නිසා අමතක වීම් සිදුවන බැවින් බයිඩන් අකරතැබ්බ රැසකට මුහුණ පා ඇත. 

මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද මුලින් ඉදිරිපත් වූයේ බයිඩන්ය. කෙසේ නමුත් බයිඩන්ට ඔහුගේ වයස බාධාවක් විය. ඒ අනුව, අකමැත්තෙන් බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වූයේත් බයිඩන්ගේ දෙවැනියා කමලා හැරිස් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූයේත් ඒ අනුවය. ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් පරාජයට පත් වුණු අතර ජයග්‍රහණය කළේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ඇමසන් වැසි වනාන්තරය ලතින් ඇමෙරිකා රටවල් කීපයකට අයත් වෙයි. එයින් වැඩි කොටසක් අයත් වන්නේ බ්‍රසීලයටය. ජනාධිපති  බයිඩන්, රැගත් ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය, රියෝ දි ජිනැයිරෝ  බලා යද්දී, මනාවුස් නගරයට ගොඩ බෑ අතර, බයිඩන් ඉන්පසු සිය ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරාගෙන‘මැරීන් 1’ හෙලිකොප්ටර් යානයේ නැගී ඇමසන් වැසි වනාන්තරයට ගියේය. 

පා ගමනින් වැසි වනාන්තරයේ ඇවිද ගිය බයිඩන්, වනාන්තරය මැදදී ඇමසන් වැසි වානන්තරය ද ඇතුළු ලෝකයේ සෙසු වනාන්තර සංරක්ෂණ දිනය ලෙස නොවැම්බර් 17 වැනිදා නම් කරමින් විශේෂ ලියවිල්ලකට ද අත්සන් කළේය. එම අවස්ථාවට, මාධ්‍යවේදීන් අමතරව, බ්‍රසීල රජයේ නිලධාරීන්, ඇමසන් ස්වදේශීය ගෝත්‍රික වැසියන්ගේ නියෝජිතයන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව පැවැසෙයි. බයිඩන් මාධ්‍ය හමුව පැවැත්වූයේ ඉන් අනතුරැවය.



අදහස් (1)

බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා

බකල ජයා Tuesday, 19 November 2024 11:39 AM

මෙයාගෙ ඩුප්ලිකේට් මෙහෙ ඉන්නවා. අපනයනය කරොත් ඩොලර් හොයන්න මාර්ගයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site