(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙන්නප්පුව මාටින් ද පෝරස් විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් පස් දෙනකු සහ සිදු දරු දැරියන් 18 දෙනකු බඹර ප්‍රහාරයකට ලක් වූ  රෝහල් ගත කළ බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.  

විදුහල්පති, ගුරුවරුයකු සහ දරුවන් අට දෙනකු   මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර  ද ගුරුවරුන් සිව් දෙනකු සහ දරුවන් දස දෙනකු   ලුණුවිල රෝහලට ඇතුළත් කර ඇත.

බඹර කූඩුව එම ගසෙන් ඉවත් කරන තෙක් විදුහල වසා දැමීමට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඉසුරු ජයසුන්දර මහතාගේ අනුමැතිය ඇතිව පියවර ගත් බවද බවද වෙන්නප්පුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය කියයි.